තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ඉතිරි වූ ධාතූන් වහන්සේලා නොයෙක් අයුරින් බෙදී ගිය ආකාරය පිළිබඳ කතාව ප්‍රකට ය. බුදු රජාණන් වහන්සේ ජීවමාන සමයෙහි ම ද උන්වහන්සේගේ ඇතැම් ශාරීරික ධාතූන් වහන්සේලා තැන්පත් කොට චෛත්‍යයන් කරවා වන්දනා මාන කළ බවට සාධක හමු වේ. තපුස්‌ස භල්ලික වෙළද දෙබෑයන් බුදුන් වහන්සේගේ කේශ ධාතු ගෙන ගොස් චෛත්‍යයන් කරවා වන්දනා කිරීමේ පුවත මීට එක් උදාහරණයකි. තවද තථාගතයන් වහන්සේ ජීවමාන සමයෙහි ම උන්වහන්සේගේ කේශ ධාතූන් කොටස් සයක් වෙනුවෙන් චෛත්‍යයන් කොට වන්දනා කළ පුවතක් ඡකෙසධාතුවංසයෙන් හමු වේ.
මෙහි දැක්‌වූ ඡකේසධාතුවංසයත් එහි ඇතුළත් කථා පුවතත් සමාජයෙහි බෙහෙවින් අප්‍රකට ය. එය දන්නෝ ඉතා සුළු පිරිසකි. මෙහිදී කේසධාතුවංසය පිළිබඳව මුලින්ම කරුණු දැක්වේ. කේස ධාතුවංසය යනු මෙතෙක් ශ්‍රී ලංකාව තුළ විධිමත් අයුරින් ශාස්‌ත්‍රීය සංස්‌කරණයකට භාජනය නොවූ කෘතියකි. එහෙත් එහි එක් මුද්‍රිත ප්‍රකාශනයක් අපට හමු වේ. එය වෙ. වි. අභයගුණවර්ධන පඬිතුමන් විසින් සිංහල පරිවර්තනය සමඟ කළ පාලි පෙළ සංස්‌කරණයකි. 1993 වර්ෂයේදී මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වූ මෙම අනැගි ග්‍රන්ථයේ පාලි පෙළෙහි දෝෂ බොහෝ ය. ප්‍රස්‌තාවනාවෙහි ද දෝෂස්‌ථාන බොහෝ ය. එහෙත් අප දන්නා පරිදි සිංහල අකුරින් වූ පළමු කේස ධාතුවංස මුද්‍රණය මෙය බැවින් ද සංස්‌කාරකතුමන්ගේ උත්සාහය බොහෝ දුරකට සාර්ථක ව ඇති බැවින් ද එතුමන්ට සිංහල බෞද්ධ සැමගේ කෘතඥතාවය හිමි විය යුතු ය.
තවද මීට අමතර ව ඡකෙසධාතුවංසයෙහි පුස්‌කොළ පිටපත් දෙකක් කොළඹ ජාතික කෞතුකාගාර පුස්‌තකාලයෙහි තිබී අපට හමු වූයෙන් ඒවා ද පිටපත් කොට ගතිමු. තවද මෙම කෘතියෙහි බුරුම අක්‍ෂර පිටපත් ඇතැයි කරුණු හමු වේ. මීට අමතර ව මෙම වටිනා කුඩා කෘතිය වර්ෂ 1885 දී එංගලන්තයේ පාලි පොත් සමාගමේ සඟරාවෙහි ද පළ වී ඇත. සාමාන්‍ය පාලි සූත්‍රයකට සමාන ස්‌වරූපයකින් මෙම කෘතිය ඉදිරිපත් වේ. මෙහි අන්තර්ගත කතාව මෙසේ ය.
එක් සමයක අප භාග්‍යවතුන් වහන්සේ ලෙහෙණුන් වාසය කළ වේළුවනයෙහි සිව් වනක් පිරිසට දහම් දෙසමින් වැඩ විසූ සේක. ඒ අවස්‌ථාවෙහි අනුරුද්ධ, සෝභිත, පදුමුත්තර, ගුණසාගර, ඤාණපණ්‌ඩිත හා රේවත යන රහතන් වහන්සේ සය නම කතිකාවතක් ඇති කොට ගෙන බුදුන් වහන්සේ කරා එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට වැද එකත් පසෙකින් වාඩි වී මෙසේ පැවසූහ.
''ස්‌වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විසින් සමතිස් පාරමී දම් පුරන ලද්දේ එක් දේශයක සත්ත්වයන්ගේ හිත සුව පිණිස පමණක් නො වේ. සියලුම සත්ත්වයන්ගේ හිත සුව පිණිස ම ය. ස්‌වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වැඩ වසන තැනට ආසන්නතර සත්ත්වයෝ ඔබ වහන්සේගේ දැක්‌මෙන් උභයාර්ථ සිද්ධිය ම සලසා ගනිති. ස්‌වාමීනි, එහෙත් මේ දූර වසන සත්ත්වයන්ගේ හිත සුව පිණිස භාග්‍යවතුන් වහන්සේගේ ශරීරය හා බැඳුණු යම් පූජනීය වස්‌තුවක් තිබිය යුතු ය. ස්‌වාමීනි, මහ සමුදුරට නුදුරෙහි එක් ප්‍රත්‍යයන්ත දේශයක බොහෝ ජනයා වාසය කරති. ඔවුන්ට අනුකම්පාවෙන් පිදිය යුතු යමක් දීමට වටියි.''
තෙරවරුන්ගේ ඒ වචන අසා මහා කරුණාවෙන් යුතු වූ බුදු රජාණන් වහන්සේ සිය හිස පිරිමැදි සේක. එවිට කේශ ධාතූන් සය නමක් ශ්‍රී හස්‌තයට පැමිණුනි. බුදුන් වහන්සේ එම කේශ ධාතු සය නම එම රහතන් වහන්සේලාට දුන් සේක. ඒ රහත් උතුමෝ මහත් ගෞරවයෙන් යුතු ව සිය හිසින් ම කේශ ධාතු පිළිගත්හ. එවිට එහි වැඩ සිටි ආනන්ද තෙරණුවෝ බුදු රදුන්ගෙන් මෙ කරුණ විචාළහ.
''ස්‌වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතු හේතුවෙන් එම ජනපද වැසියන්ට යම් අනතුරක් සිදු වේ ද?'' යනුවෙනි. භාග්‍යවතුන් වහන්සේ එයට මෙසේ පිළිතුරු දුන්හ.
''ආනන්දය, කේශ ධාතු නිසා එම ජනපද වැසියන්ට වන යහපතක් මිස අනතුරක් නො දකිමි. ආනන්දය, තථාගත පරිනිර්වාණයෙන් පසු වර්ෂ පන්දහසක් කල් මාගේ සසුන පවතින්නේ ය. තවද මෙම කේශ ධාතු සය නම වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් ආරක්‍ෂිත ව පවතින්නේ ය. ඉන් පසු ව මහා පූජා සත්කාර ලබන්නේ ය. මේ එක් එක් කේශ ධාතුවක් සදහා එක් එක් චෛත්‍යය බැගින් මහා සත්ත්වයන්ගේ මූලිකත්වයෙන් ඉදි වන්නේ ය.'' යනුවෙනි.
මෙසේ ඒ කේශ ධාතු ලබා ගත් රහතන් වහන්සේ සය නම භාග්‍යවතුන් වහන්සේට වැද පැදකුණු කොට අහසට නැගී පිටත් වූහ. එසේ පිටත් වූ මේ සය දෙනා වහන්සේ මුලින් සඳහන් කළ ඒ ඈත පිටිසර ප්‍රදේශයට වැඩම කොට එහි එක් රාත්‍රියක් වැඩ සිට පසු දින උදය වරුවේ පිඬු සිඟා ගෙන වැළදූහ. දන් වළදා දකුණු දිශා භාගයට වැඩම කළ තෙරවරුන්ට රමණීය වන ගත පෙදෙසක් හමු විය. රමණීය වූ ඒ භූමි භාගය දැක සතුටට පත් වූ තෙරවරු මෙ තැන එක් කේශ ධාතුවක් නිදන් කරන්නට සුදුසු යෑයි සිතූහ. එහෙත් ඒ සඳහා දායකයෙකු නොමැති ප්‍රශ්නය විය. එකල්හි එහි වැඩ සිටි සය නම අතුරින් අනුරුද්ධ තෙරණුවෝ ඒ පිළිබÔද ව අධිෂ්ඨානයක් කළහ.
අනුරුද්ධ තෙරුන්ගේ එම අධිෂ්ඨානය හේතුවෙන් ශක්‍රයාගේ පණ්‌ඩුකම්බලසිලාසනය උණු බවක් දැක්‌වී ය. සිය අසුන උණු වීමට හේතු විමසන ශක්‍රයාට එයට හේතු කරුණු පෙනී ර්නේන්ද්‍රයන් වහන්සේගේ උතුම් කේශ ධාතූනට දායකයෙකු වීමේ භාග්‍යය දැක දෙව්ලොවින් බැස එම රහත් උතුමන් සය නම ඉදිරියේ පහළ විය. ශ්‍රද්ධාවෙන් ඔද වැඩුණු ශක්‍ර තෙමේ අනුරුද්ධ තෙරුන්ගේ ශ්‍රී හස්‌තයෙන් එක් කේශ ධාතු නමක් ලැබ සිය සිරසෙහි තබා සතුටින් ඔද වැඩුණු සිතින් යුතු ව චෛත්‍යයක් නිර්මාණය කරන්නට විය. එහි අසූ මහා ශ්‍රාවකයන්ගේ රූප, සර්වඥයන් වහන්සේගේ දෙමව්පියන්ගේ රූප හා අනූපම රූ ඇති ඒ සර්වඥයන් වහන්සේගේ රූපය ද මැවී ය. ඒ සියල්ල මැද සත් රුවන් රාශියක් කොට හාත්පසින් රන් දැලකින් වට කොට සුදු ඡත්‍රයක් ඔසවා එයට යටින් නොයෙක් රත්නයන්ගෙන් බබළන පළගක් මවා දශබලයන් වහන්සේගේ කේශ ධාතුව සිය සිරසින් ගෙන තවත් නොයෙක් සක්‌කාර කොට එහි තැන්පත් කළේ ය. එම අවස්‌ථාවෙහි නොයෙක් ආශ්චර්යයන් සිදු විය. ඉන් පසු චෛත්‍යයෙහි ඉතිරි කටයුතු ද කොට නිමවී ය.
අනතුරු ව අනුරුද්ධ තෙරුන් වහන්සේ එම ධාතුන් වහන්සේ තමන් වහන්සේ විසින් ගෙනෙන ලද බව ප්‍රකාශ කරනු වස් තමන් වහන්සේගේ ප්‍රතිමා රූපයක් ද එහි කරවී ය. සක් දෙව් රජ තෙමේ එක් රන් ගුහාවක් කොට ධාතු පූජාවක් කළේ ය. ආරක්‌ෂාව පිණිස එක් දිව්‍ය පුත්‍රයෙකු ද එහි තැබී ය. සතුටු වූ ප්‍රීතිමත් සිත් ඇති ඒ රහතන් වහන්සේ සය නම ධාතු සෑයට පසග පිහිටුවා වැන්දාහ.
මෙලෙස පළමු සෑයෙහි කටයුතු නිමවා ඒ නුදුරෙහි දකුණු දිශා භාගයෙහි තුන් ගව්වක් පමණ තැන් ගොස් නොයෙක් ආකාරයේ වැලි ගොඩවල්වලින් යුතු, පරම රමණීය ගස්, ගල් ආදියෙන් තොර මැනවින් සකස් කළාක් වැනි භූමියකට වැඩම කළහ. එම ස්‌ථානය ද කේශ ධාතුවක් තැන්පත් කිරීමට සුදුසු තැනකියි සිතා නැවතුණහ. ඉක්‌බිති එම පිරිසෙහි වැඩ සිටි සෝභිත තෙරුන් වහන්සේ ''සෑය කිරීම සඳහා දායකයෙකු සෙවීම මට භාර'' යෑයි වදාරා ඒ සඳහා අධිෂ්ඨානයක් කළහ. එම උත්තම අධිෂ්ඨානයට අනුව ම වළා ගැබ අතරින් නික්‌මුණු පæජුන්න නම් දිව්‍ය පුත්‍රයා මහත් පිරිවර සමඟින් තෙරුන් ඉදිරියෙහි පහළ විය. එවිට සෝභිත තෙරණුවෝ එම දිව්‍ය පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේගේ ධාතු සෑය ඉදි කිරීමේ දායකයෙකු වන ලෙස වදාළහ. පæජුන්න දෙවියා තෙරුන්ගේ එම ආරාධනාව සතුටු සිතින් පිළිගත්තේ ය.
පඡ්ජුන්න දෙවියා ද සිය ඉද්ධියෙන් අසූ මහා සවුවන්ගේ රූප, බුදු රදුන්ගේ හා උන්වහන්සේගේ දෙමව්පියන්ගේ රූප ආදිය කරමින් නොයෙක් අලංකාරවත් දෑ කරමින් සෑයෙහි වැඩ කටයුතු නිම කළේ ය. අවසානයේ චෛත්‍ය ප්‍රාකාරයක් ද බැඳ ඒ සමීපයේ පොකුණක් කිරීම ආදිය ද කළේ ය. අනෙක් දෙවියෝ ද සතුටු සිතින් මේ පින්කම්වලට උපකාරී වූ අතර සියල්ලෝ පින්කම සතුටින් අනුමෝදන් වූහ.
පඡ්ජුන්න දිව්‍ය පුත්‍රයාගේ ථූප කරණයෙන් පසු එතැනින් නික්‌මුණු රහතන් වහන්සේ සය නම තවත් දුරකට වැඩම කළ අතර එක් කේශ ධාතුවක් මෙහි තැන්පත් කිරීම සුදුසු යෑයි එහිදී තීරණය විය. අනතුරු ව මෙම කටයුත්ත සදහා දායකයෙකු සෙවීමේ කටයුත්ත භාර ගත් පදුමුත්තර තෙරණුවෝ පෙර තෙරවරුන් මෙන් ඒ සඳහා අධිෂ්ඨානයක් කළහ. එහිදී එම කටයුත්ත සඳහා මුහුද රක්‌නා මණිමේඛලා නම් දෙව් දුව පිරිවර සහිත ව පැමිණ ඉදිරිපත් වූවා ය. තමා කාන්තාවක බැවින් චෛත්‍යය කෙසේ කළ යුතු දැයි ඇය විමසුවා ය. එවිට තෙරවරු ''වැටුප් ගෙවීමට හැකි නම් මිනිසුන් එය කරනු ඇත'' යනුවෙන් වදාළහ. මැනැවැයි තෙරවරුන්ගේ අවවාදය පිළිගත් ඇය වෙනත් වෙසක් ගෙන මිනිසුන් සොයා ගොස් ඔවුන්ට වැටුප් ගෙවා ධාතු සෑය මැනවින් කරවූවා ය.
මණිමේඛලාවගේ ථූප කරණයෙන් පසුව තෙරවරු සය නම උතුරු දිශාවට වැඩම කළහ. එසේ වඩින අතරමඟ ශීත සෙවණැලි ඇති එක් නුග රුකකට අධිගෘහිත දෙවියෙක් තෙරවරුන්ගේ ආගමනය දැක ඉදිරියට ගොස් ''ස්‌වාමීනි, මෙහි වැඩම කළේ කුමක් නිසා ද ?'' යනුවෙන් විමසුවේ ය. තමන් වහන්සේලා එහි වැඩම කළ හේතුව වදාළ විට රුක් දෙවියා සතුටට පත් ව එය අනුමෝදන් විය.
අනතුරු ව එම භික්‍ෂු පිරිසෙහි වැඩ සිටි ගුණසාගර තෙරණුවෝ සෑය ඉදිකිරීමට දායකයෙකු සෙවීමේ කටයුත්ත භාර ගෙන ඒ සඳහා අධිෂ්ඨානයක් කළේ ය. එහිදී බුදු සසුන ගැන දන්නා මුහුදු ගිය වෙළඳ පිරිසක් සහිත නැවක් සුළං වේගයෙන් තෙරවරුන් වැඩ සිටි දිශාවට පැමිණුනි. ඉන් පසු තෙරවරු දැන හැඳින ගත් එහි වූ නැවියා හා පිරිස එක් වී ධාතු සෑය ඉදි කිරීමට භාර ගත්හ. එහිදී එක් රුක් දේවතාවෙකු ද ඔවුන්ගේ සහයට ඉදිරිපත් විය. සියල්ලන්ගේ සහභාගිත්වයෙන් ධාතු සෑයේ කටයුතු නිම කැරිණි. අවසානයේදී මේ කටයුතු සඳහා සහය වූ රුක් දෙවියා සෑය ආරක්‍ෂා කරමින් දීර්ඝායුෂ්ක ව සිටින්නට විය.
ඉන් අනතුරු ව තෙරවරු එම ස්‌ථානයෙන් නැගෙනහිර දිශාවෙහි ගංගා තීරයෙහි එක් රමණීය ස්‌ථානයක් කරා එළැඹුණහ. එහිදී ඤාණපණ්‌ඩිත තෙරුන්ගේ අදිටනින් වරුණ නම් නා රජු පිරිවර සහිත ව පැමිණ ඉතිරි වූ තවත් කේශ ධාතුවක් වෙනුවෙන් සෑයක් කළේ ය. වරුණ නා රජුගේ ථූප කරණයෙන් පසු තෙර පිරිස එම ස්‌ථානයෙන් උතුරු දිශාවට වැඩම කොට ඉතිරි වූ එක ම කේශ ධාතුව වෙනුවෙන් සෑයක් කිරීමට ස්‌ථානයක් තෝරා ගත්හ. අනතුරු ව රේවත තෙරුන්ගේ අදිටනින් එහි පැමිණි ශ්‍රද්ධාවත් දෙමළ නැවියන් පිරිසක් එම සය වන කේශ ධාතු ථූපය කළහ. මෙම ථූපය ශ්‍රද්ධාවෙන් ම කළ එකක් බැවින් සද්ධාචෙතිය යනුවෙන් ද දෙමළ උපාසකයන් විසින් කළ එකක් බැවින් දමිළචෙතිය නමින් ද හැඳින්විණ.
මේ ආකාරයට තථාගතයන් වහන්සේගෙන් කේශ ධාතු ලැබූ එම රහතන් වහන්සේ සය නමගේ බලාපොරොත්තු සඵල විය. තවද කේශ ධාතු තැන්පත් කොට චෛත්‍යයන් ඉදි වූ ඒ දේශය කේසවතී නමින් ද හැඳින්විණ. ඡකෙසධාතුවංසයෙහි සඳහන් කතාව එතෙකින් අවසන් වේ. මෙහි සඳහන් කේසවතී දේශය නම් කුමන දේශය දැයි අපි නො දනිමු. හැකියාව ඇත්තෝ එය පර්යේෂණය කරත්වා. මැනවින් සෙවුව හොත් එය යම් දිනෙක අනාවරණය වනු ඇත. තවද තථාගත කේශ ධාතු තැන්පත් කළ ස්‌ථාන ලංකාවේ ද තැනින් තැන වේ. එමෙන් ම දැනුදු කැලණිය රජමහා විහාරයට යන ශ්‍රද්ධාවන්තයිනට එහි වන කෞතුකාගාරයෙහි ඇති ධාතු මන්දිරයේදී සර්වඥ කේශ ධාතු සියෑසින් ම දැක බලා වන්දනා කර ගැනීමට අවස්‌ථාව ඇත. සැදැහැ සිත් ඇත්තෝ මේ සියල්ලෙහි නිරත වෙත්වා
හසන්ත සමරසිංහ
ආරාධිත කථිකාචාර්ය,පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. |
දෙවි බඹුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ ධාතූන් වහන්සේලා ෴
Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support

"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images

බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...

යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල

ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්‍රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...

අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples

යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්‍ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්‍ෂා විය යුතු....Read more...

ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples

"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...

ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples

ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...

