ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 4

මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ පුදබිම

පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර 
පුරාවිද්‍යා අධ්‍යක්ෂ 
සිරිසූමන් විජේතුංග 
පුරාවිද්‍යා Msc පර්යේෂණ

මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් පුදබිමෙන් හමුවූ බුද්ධත්වය නිරූපණය කෙරෙන මූර්ති කැටයමකි
බුදු පිළිමයේ උපත පිළිබඳ වූ මෙම ලිපි මාලාවේ දී අපි විටින්විට බුදු පිළිමය ප්‍රථමවරට නිර්මාණය වූ පුරාණ ජම්බුද්වීපයේ මෙකල පකිස්ථානයට අයත් ගන්ධාර හා මෙකල ඉන්දියාවට අයත් මථුරා බෞද්ධ කලා සම්ප්‍රදායයන් දෙක ගැන විස්තර කළෙමු.
වෙසක් පුර පසළොස්වක පොහෝදා සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහාණය කර ලැබූ අති උතුම් බුද්ධත්වය ලද දිනය ලෙසින් මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරේ. තෙමඟුල ලෙසින්, වෙසක් දිනයේදී සිදුහත් කුමරාගේ උපත, බුදු බව ලැබීම සහ පිරිනිවන්පෑම සිදුවූ ඉතා උතුම් දිනයක් ලෙසින් සකල ලෝකවාසී බෞද්ධ ජනතාව මෙන්ම බුදුදහමේ අමාරසය විඳින බටහිර ජාතීන් ප්‍රමුඛ මනුෂ්‍ය ප්‍රජාව ද එම දිනය අනුස්මරණය කරනු ලැබූහ.
ප්‍රථම බුදු පිළිමය නිර්මාණය වූයේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයට සියවස් පහකට පමණ පසුව බව මේ පිළිබඳ විද්වතුන්ගේ (බටහිර හා භාරත දේශය ප්‍රමුඛ රටවල ලංකාවද ඇතුළුව) මතය වන්නේය.
අප විසින් බෞද්ධ කලා ශිල්ප ආශි‍්‍රතව මෙම ලිපිමාලාව ආරම්භයේ සිටම අවධාරණය කරන ලද කරුණක්ද මෙහිදී සදහන් කිරීම සුදුසුය.
බුදු පිළිම නිර්මාණයට පෙරද බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරිම සඳහා සංකේත භාවිතා කළ බව භාරුත්, සාංචි, බුද්ධගයා දක්ෂිණ භාරතයේ අමරාවතී හා නාගර්ජුන කොණ්ඩ යන පුදබිම් ආශි‍්‍රතව ඇති මූර්ති කැටයම්වලින් පැහැදිලි වන්නේය.
මුල්කාලීන මූර්ති කැටයම්වල බුදු පිළිම නිර්මාණයට පෙර සිරිපතුල් යුගළ ශී‍්‍ර මහා බෝධින් වහන්සේ, ස්තූපය. ධර්මචක්‍රය, වජ්‍රාසනය ,ඡත්‍රය, හා ත්‍රිරත්නය ආදී බෞද්ධ ලාංඡන එම මූර්ති කැටයම්වලින් නිරූපිතය. අප රටේ ඉතා පැරණිතම බෞද්ධ මූර්ති කලාව ,සෑගිරිය, නමින් මහාවංසයේ සඳහන් වන මිහින්තලේ කණ්ඨක චේතියේ මෙන්ම පුරාණ ජම්බුද්වීපයේ මධ්‍ය ප්‍රදේශ්හි භාරුත් පුද බිමෙහි තිබූ බව ඉතා ප්‍රකට කරුණකි. එක් උදාහරණයක් දක්වතොත් අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේට වන්දනා කරන බව නිරූපිත භාරුත්හි මූර්ති කැටයමෙහි බුදුරජාණන් වහන්සේ වෙනුවට සිරිපතුල් දෙක ඉදිරිපිට අජාසත්ත රජු වැඳගෙන සිටින අන්දම නිරූපිතය. අප එසේ අද සඳහන් කරන්නේ ඒ සිදුවීම බ්‍රාහ්මී අක්ෂරවලින් අජාසතතස භගවතො වන්දතේ” යනුවෙන් එහි සටහන් කර ඇති හෙයිනි. (භාරත ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග – පිටු 3-5 (2006) සරස්වති ප්‍රකාශන)
බුද්ධත්වයට පත්වූ උතුමා එම සිදුවීම් හා සම්බන්ධ කර දැක්වීම සඳහා පැරැණි කලාකරුවා යොදා ගෙන ඇති ප්‍රධානතම සංකේතය බෝධි වෘක්ෂයයි. එය කෙතරම් පිළිගැනීමට ලක්ව තිබුණේද යත් බුදුවීම පමණක් නොව ඊට ආසන්නව සිදුවූ අනෙකුත් වැදගත් සිදුවීම් වලදීද බෝසතාණන් වහන්සේ නියෝජනය කර ඇත්තේ බෝධි වෘක්ෂය මගින්ය. මේ සඳහා හොඳම නිදර්ශනය වශයෙන් සාංචි සහ භාරුත් වල ඇති සුජාතාදේවිය ගේ කිරි ආහාර පූජාව සහ මාරපරාජය පිළිබඳ දර්ශන දැක්විය හැකිය.
සම්බුද්ධත්වයට පෙර සුජාතා දේවියගේ කිරිපිඬු දානය අමරාවතී ස්තූප කැටයම නිරූපණය කෙරෙන මෙහි බුදුරජාණන් වහන්සේ නිරූපණය කෙරෙනුයේ ශ්‍රී මහා බෝධියයි. ඒ වන විට බුද්ධ ප්‍රතිමා නිර්මාණය වී නොතිබිණි.
මුල් කාලීන බෞද්ධ කලා ශිල්පවල බෝසතාණන් වහන්සේ බුදුබවට පත්වන අවස්ථාව නියෝජනය කිරීමට සංකේතයක් වශයෙන් යොදා ගෙන ඇත්තේ බෝධි වෘක්ෂයයි. බෝධි වෘක්ෂය නම් වු ගසක් වෘක්ෂ විද්‍යාවේ (BOTNY)  නැත. එයට බෝගස හෙවත් බෝධිවෘක්ෂය යන නම ලැබී ඇත්තේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාවේ පිටදුන් හෙවත් සෙවණ ලබාදුන් වෘක්ෂය නිසාය. (මහාවග්ගය 1 පි. 16)
පාලි මහා බෝධි වංසයෙහි එය මෙසේ සඳහන් කර දක්වයි. “ සම්බුදුරජාණන් වහන්සේට සතර ආර්ය මාර්ගයෙහි පැවැත්තාවූ ඤාණය බෝධි නම් වෙයි. ඒ ආර්ය මාර්ග ඤාණය සංඛ්‍යාත වූ බෝධිය භාග්‍යවන්ත වූ සර්වඥයන් වහන්සේ මේ ඇසටු රුක්මුල්හි වැඩහිඳ ප්‍රතිවේද කළ සේක යනුයි. ඒ වෘක්ෂ තෙමේත් යම් හෙයකින් බෝධිය යයි නම ලද ද එහෙයින් ඒ බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඤාණාදී වූ අනේක ගුණධර්මයන්ගේ ප්‍රතිවේධයට අත්‍යන්තෝපකාරි වූ සිටියාවූ ද ස්කන්ධමාරාදී වූ පඤ්ච මාරයන්ගෙන් ජය ගැනීමට මුල වූ කාරණා හෙයින්ද “ජය ශ්‍රී මහා බෝධිය යැයි නම් ලැබූහ. (පාලි බෝධිවංසය පි. -1) ඒ සමඟම බුද්ධත්වය නියෝජනය කිරීමට බෝධියෙහි අදාළත්වය ඤාණය නැතහොත් ප්‍රඥාවේ සංකේතය වශයෙන් භාරතීය කලාවේ වෘක්ෂය පෙන්නුම් කිරීම තුළින් තහවුරු කරනු ලබයි.එසේම බුද්ධ කාලයට පෙර සිට පැවති වෘක්ෂ වන්දනාව බුදු දහමෙහි බැහැර කරනු ලැබුවද අලුත් අර්ථකථනයකින් බෝධි වන්දනාව හඳුන්වා දීමත් බෝධි වෘක්ෂයෙහි පූජනීයත්වය ඇති කිරීමට හේතු පාදකව ඇත. එනම් බෝධිය වන්දනා කරනු ලබන්නේ වෘක්ෂ වන්දනාවක් ලෙස නොව බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීමක් වශයෙනි. (ජාතක අට්ඨ කථා IVකාලිංග බෝධි ජාතකය –හේවාවිතාරණ ප්‍රකාශන කොළඹ 1936 පි. 212-13) එනම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පාරිභෝගික චෛත්‍යය වශයෙනි. ප්‍රතිමා කලාව තුළ බෝධි වෘක්ෂය ක්‍රිස්තු පූර්ව යුගයේ සිට බුදුරජාණන් වහන්සේ වෙනුවට භාවිතා කිරීම ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නොව පෙර බුදුවරුන් හත් නමක්ම ප්‍රතිමාවලින් තොරව බෝධි වෘක්ෂ කැටයමින් සංකේතාත්මකව නිරූපණය කිරීම තුළින් හෙළිවෙයි. දීඝ නිකාය මහාපදාන සූත්‍රයෙහි බුදුවරු හත් නමක් විෂයෙහි උන්වහන්සේලා පිටදුන් බෝධි වෘක්ෂයන් පිළිබඳව වෙන වෙනම සඳහන් වෙයි.
(බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ – මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ පිටු. අංක 4-5 (2010) සරසවි ප්‍රකාශකයෝ)
බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ මිහිඳු මහ රහතන්වහන්සේගේ ආගමනයට මාස කීපයකට පසුවය. අසෝක අධිරාජයා ඉතාමත් ආදරයෙන් වන්දනා මාන කළ ඒ ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ අසෝක රජතුමාගේ රාජ්‍ය කාලයේදීම විනාශයට පත් වූවා නොව විනාශයට පත් කළේ අසෝක රජතුමාගේ පළමු බිසව වූ අසන්ධිමිත්‍රා කුමරිය මියගියාට පසුව අසෝක රජුගේ බිසව බවට පත් වූ තිස්සා රක්ඛා නම් වු තැනැත්තිය විසින් බව මහාවංසයේ විසිවැනි පරිච්ඡේදයෙහි සඳහන්ය. ඒ නිසා අද අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමළුවේ වැඩවාසය කරන්නේ බුද්ධගයාවේ සිදුහත් තවුසාණන් මීට වසර 2605 ඉහත දී බුද්ධත්වය ලැබීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේමය. බුද්ධගයාවේ අද එය දක්නට නැත. (දඹදිව සිවු මහ පුදබිම් සිරිසමන් විජේතුංග පි. 51 (2010) ජීවමාන බුදුරදුන් සේ සළකා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා පැවැත්වෙන පුද පූජා ඇතුළත් තේවා කටයුතු අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලෝක උරුමයක් (World Heritage) ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සලසාදෙනමෙන් වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.


බුදුපිළිමයේ උපත - 20

බුද්ධත්වයට පසු ගතකළ සත්සතිය

සකළ ක්ලේශයන් ප්‍රහාණය කරමින් දස මාර සේනාව පරාජය කර සම්මා සම්බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ බෝධි සත්වයන් වහන්සේ එතැන් පටන් ගෞතම බුදුරජාණන් වහන්සේ ලෙසින් තුන්ලෝකයේම ප්‍රකට වූ සේක. ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ සෙවනේ සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉතාමත් විශිෂ්ට ආදර්ශයක් තමන් වහන්සේ විසින්ම පළමුකොට පෙන්වාදුන් සේක. එය නම් සතියක් මුළුල්ලේම බුද්ධත්වය ලබාගැනීමට තමන් වෙත සෙවණ ලබාදුන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ දෙස අනිමිසලෝචන පූජාව පැවැත්වීමයි.
බුද්ධත්වයෙන් පසු සත් සතිය ගත කළ ස්ථාන අදත් ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ සමීපවූ පරිසරයේදී දඹදිව යන ඔබට දැකගත හැකිය. ඒ පුදබිම ඉතාමත් පූජනීය බවට කිසිදු සැකයක් නැත.

බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අසල සත් සතියක්ම බුදුරජාණන් වහන්සේ වැඩ සිටි බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන්නේය. එම පුදබිම අදත් බුද්ධගයාව ආශි‍්‍රතව ස්ථානවල දැක වැඳ පුදා ගැනීමේ භාග්‍යය අපට ලැබී ඇත. මීට අමතරව ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වටා ඇති ශිලාමය වැටෙහි නටබුන්ද තිබේ.
මෙකල දක්නට ලැබෙන බුද්ධගයාවේ එම මහා බෝධිවිහාරය සාදන ලද්දේ අසෝක රජතුමා විසින් මුලින්ම සෑදු මහාබෝධි විහාරයේ පදනම මතය මේ බව මියන්මාර් (බුරුමයේ) ශිලාලේඛනය කද සඳහන් වී ඇති බව මෙම ස්ථානය පුරාවිද්‍යා කැණීම් කටයුතු කළ ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාවූ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විද්වතා සඳහන් කරයි. බුදුරජාණන් වහන්සේ එදා වැඩසිටි වජ්‍රාසනය පිහිටි මුල්ම ස්ථානයද පුරාවිද්‍යාඥයින් විසින් හඳුනා ගෙන ඇත. මෙම විහාරය ගොඩනංවන ලද කාලය සොයා ගැනීමට ඉතා ප්‍රයෝජනවත් පුරාවිද්‍යා සාක්ෂිද එම කැණීම් වලදී සොයා ගෙන තිබේ. ඒ අනුව වජ්‍රාසනය ඉදිරිපිට නිදන් කරන ලද සර්වඥ ධාතුන් වහන්සේලා ගන්ධාර දේශයේ රජ වූ කුශාන වංශික කණිෂ්ක රජුට පසුව රජ වූ භ්‍රවිෂ්ක රජුට අයත් රන් කාසියක්ද තවත් හස් එබු (ලාංඡන යෙදූ) කාසි රැසක්ද එම පුරාවිද්‍යා කැණීම් වලින් හමුවී ඇත. ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් විද්වතා විසින් කරන ලද එම පුරාවිද්‍යා කැණීම්වලින් මුල් වජ්‍රාසනයද සොයාගත හැකිවිය.
සිදුහත් තවුසා ඇසතු වෘක්ෂයක් සෙවණේදී බුද්ධත්වයට පත් විය. ඒ ඇසතු වෘක්ෂයට අයත් උද්භිද නාමය පිකුස් රෙලි ජෝසා (ජ්ඪජභඵ අඥතඪඨඪධඵච) යනුවෙන් ව්‍යවහාර වේ.

පළමු වන සතිය

අර්හත්ඵල සමාපත්තියට සමවැද විමුක්ති සුවයෙන් බෝමැඩ එම සම්බුද්ධත්වය ලද විජය පර්යංකයෙහිම වැඩ සිටියහ.

දෙවන සතිය

මෙම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට අනිමිස ලෝචන පුජාවට දෙවන සතිය ගත කළ සේක.

තුන්වන සතිය

බුද්ධත්වයෙන් පසුව තුන්වන සතිය ගත කළේ රුවන් සක්මන සඳහාය. බුද්ධගයා විහාරයේ ඉදිරිපිට සිට නරඹන විට එහි දකුණු පැත්තේ මළුවෙහි එම විහාර බිත්තියට සමීපව සාදා ඇති වේදිකාවක් මත නෙළුම් මල් ඉදිකර ඇති අන්දම දැකගත හැකිය. එම ස්ථානය බුදුරජාණන් වහන්සේගේ තුන්වැනි සතිය සක්මන් කරමින් ධර්මය මෙනෙහි කළ ස්ථානය ලෙස සැළකේ.

හතර වන සතිය

රුවන්ගෙය සක්මන් කළ පැත්තෙන්ම මහා මාර්ගය දෙසට මළුව තුළම පිහිටි ගරාවැටුණු කුඩා ගොඩනැගිල්ලකි. හතරවැනි සතිය ධර්මය මෙනෙහි කළ එම රුවන්ගෙය අද එහි නැත. පසු කාලයේ පිහිටුවන ලද සිහිවටනයක් එහි ඇත.

පස් වන සතිය

අජපාල නුගරුක මුල බුදුරජාණන් වහන්සේ සතියක් පුරා එහි වැඩ සිටි නමුත් ඒ නුගරුක අද එහි නැත. එහෙත් ඒ ස්ථානයේ පිහිටුවන ලද ස්තම්භයක් අද එහි තිබේ.

හය වන සතිය

මුචලින්ද විල, එම පඩිපෙළින් පහළට බැස වම්පසට හැරී ගමන් කරන විට මුචලින්ද පොකුණ හමුවේ. මෙම පොකුණ වටා ප්‍රාකාර බැඳ ආරක්ෂා කර ඇත. මෙහි මධ්‍යයෙහි මුචලින්ද නාගයා බුදුරජාණන් වහන්සේට සෙවණ දෙමින් සිටින ආකාරය මූර්තිමත් කර තිබේ. මේ කරුණු බෞද්ධ සාහිත්‍යයෙහිද සඳහන්වේ.

සත් වන සතිය

රාජායතනය මුචලින්ද විල පිහිටි පුදබිමෙහි සිට ආපසු හැරී බුද්ධගයා විහාරය දෙසට ගමන් කරන විට නටබුන් ස්තූපයක් හමුවේ. ඒ අතරේ රාජායතන කිරිපලු රුක තිබු පුදබිමෙහි ස්මාරකයක් පිහිටුවා ඇති අන්දම දැකගත හැකිය.
මෙම පුදබිම්වලට සහ බුද්ධගයාවට ගමන්කරන සැදැහැවතුන් විසින් ඉමහත් ගෞරවයෙන් වැඳ පුදා ගනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් අති පුජනියත්වයවට මෙන්ම පාරිශූද්ධභාවයට පත්වූ මෙම පුදබිම වැඳ පුදා ගන්නා සැදැහැවතුන්ගේ සිතට දැනෙන සැනසුම කියා නිම කළ නොහැක.
ලබන සතියේ පෙර බුදුරජාණන් වහන්සේලා සෙවනදුන් (විපස්සි, කෝණාගම, කකුසඳ, වෙස්සභූ, කස්සප) බෝධින්වහන්සේලා පිළිබඳ විමසා බලමු.

බුදුපිළිමයේ උපත - 21

දැක බලා වැඳ පුදා ගත යුතු ස්ථාන හතරකි

දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහිදී සැදැහැවතුන්ගේ ප්‍රසාදයටත් සංවේගයටත් හේතු වන සහ ඒ අරමුණු කොට ගෙන පින්සිදු කරගත හැකි සඟමොක් සුව ලබා ගත හැකි ස්ථාන හතරක් බුදුරජාණන් වහන්සේ විසින් ම පෙන්වා දී ඇති බව ඉතා ප්‍රකටය. තථාගතයන් වහන්සේ උපන් ස්ථානය, බුද්ධත්වය ලැබූ ස්ථානය ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළ ස්ථානය සහ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ ස්ථානය ඒ සතරයි.
ඒ සතර අතර බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබූ ස්ථානය නම් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධි මූලයයි. ඒ වෘක්ෂ මුලය (පර්යංකය තිබුණු තැන) දැකීමෙන් හා සබැඳි ඓතිහාසික වෘත්තාන්තය ආවර්ජනා කිරීමෙන් ඒ මනසිකාරයෙන් යුක්තව වැඳීමෙන් පිදීමෙන් සඟ මොක්සුව සලසා ගත හැකි බව ශාස්තෘවරයාණන් වහන්සේ විසින් ම ප්‍රකාශ කර තිබීම පශ්චාත් කාලීනයන්ට ඉමහත් සැනසිලිදායක කරුණක් වූ බවට සැකයක් නැත. මෙම දර්ශනීය සංවේජනීය ස්ථාන අද පවා ඒ තත්ත්වයෙන් පවත්නා බව එහි යන ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කර ගත හැකිය. බුදුදහම මගින් පෙන්වා දෙන දෙව් මිනිස් සහ නිවන් යන ත්‍රිවර්ග සම්පත් ම බෝධියෙනුත් ලබා ගත හැකි බව මෙයින් කියැවේ. (ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතිහාසය සංස්කෘතිය හා තදානුබද්ධ සංස්කෘතිය, ආචාර්ය පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්ඛිත නා හිමි)(පි. 4- 5 බුද්ධශාසන අමාත්‍යාංශ-යේ ප්‍රකාශනයකි. (1991))
භාරුත් ස්තූප මූර්ති
බුද්ධකාලයට පෙර පටන් පැවති වෘක්ෂ වන්දනය බුදුදහමෙහි බැහැර කරන ලද්දේ වුවද නවම වූ අලුත් අර්ථකථනයකින් බෝධි වන්දනාව හඳුන්වා දීමත් බෝධි වෘක්ෂය කෙරෙහි අති පූජනීයත්වය ඇති කිරීමට හේතු වූ බව පෙනේ.
“බෝධිය වන්දනා කරනු ලබන්නේ වෘක්ෂ වන්දනාවක් ලෙස නොව බුදුරජාණන් වහන්සේට ගෞරව කිරීමක් වශයෙනි. එනම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ පාරිභෝගික චෛත්‍යය වශයෙනි. ප්‍රතිමා නිර්මාණය කිරීමේ කලාව තුළ බෝධි වෘක්ෂය ක්‍රිස්තු පූර්ව යුගයේ සිට බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමට භාවිතා කිරීම ගෞතම බුදුරජාණන් වහන්සේ පමණක් නොව ඊට පෙර වැඩ සිටි බුදුරජාණන් වහන්සේලා හත්නමක් ම ප්‍රතිමාවලින් තොරව බෝධි වෘක්ෂ මූර්ති කැටයම් සංකේතාත්මකව නිරූපණය කිරීම අනුව පැහැදිලි වේ. දීඝ නිකායේ මහාපදාන සූත්‍රයෙහි බුදුවරු හත්නමක් විෂයයෙහි උන්වහන්සේලා පිටදුන් බෝධි වෘක්ෂයන් පිළිබඳව වෙන වෙනම සඳහන් වෙයි.” (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ - මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ පි. 4 (2010)
“මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ විපස්සි භාග්‍යවත්හු පළොල් රුකක් මුල සත්‍යාවබෝධ කළහ. මහණෙනි, අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ සිඛී භාග්‍යවත්හු හෙළඹ රුකක් මුල සත්‍යාවබෝධ කළහ. මහණෙනි අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ වෙස්සභූ භාග්‍යවත්හු සල් රුකක් මුල සත්‍යාවබෝධය කළහ. මහණෙනි, අර්හත්, සම්‍යක් සම්බුද්ධ වූ කකුසඳ භාග්‍යවත්හු මහාරි රුකක් මුල සත්‍යාවබෝධ කළහ. මහණෙනි, අර්හත් සම්බුද්ධ වූ කෝණාගමන භාග්‍යවත්හු දිඹුල් රුකක් මුල සත්‍යව බෝධය කළහ. මහණෙනි, අර්හත් සම්ම්‍යග් සම්බුද්ධ කාශ්‍යප භාග්‍යවත්හු නුග රුකක් මුල සත්‍යාව බෝධය කළහ. මහණෙනි, මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ මම ඇසතු රුකක් මුල සත්‍යාවබෝධ කළෙමි. (ජාතකට්ඨ-කතා 04 කාලිංගබෝධි ජාතකය - හේවාවිතාරණ ප්‍රකාශනය පි. 212 – 213 (1936)

ඒ අනුව පෙර බුදුරජාණන් වහන්සේලා හා ඒ බුදුරජාණන් වහන්සේලාට අයත් බෝධි වෘක්ෂ මෙසේ ය. විපස්සි, පාඨලි වෘක්ෂය සිඛී පුණඩරික වෘක්ෂය (හෙළඹ) වෙස්සභූ - සාල වෘක්ෂය (කකුසඳ – මහරි වෘක්ෂය, (සිරිස) කෝනාගමන – උදුම්බර වෘක්ෂය (දිඹුල්) කස්සප – න්‍යග්‍රෝධ වෘක්ෂය (නුග) යනුවෙන් ගෞතම බුදුරජාණන් වහන්සේට අයත් බෝධිය අස්වත්ථ හෙවත් ඇසටු වෘක්ෂය නමින් හැඳින්වෙයි. අංක 1 සාංචි ස්තූපයෙහි බටහිර තොරණෙහි ඉදිරිපස ඉහළ ම ගරාදියෙහි ඒ ඒ වෘක්ෂයෙන් කැටයම් කර සත් බුදුවරුන් සංකේතවත්ව නියෝජනය කරනු ලැබ ඇත. භාරුත් මූර්ති කැටයම් වල (මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි) ද ගෞතම බුදුරජාණන්වහන්සේ මෙන්ම අතීත බුදුවරුන්ගේ බුද්ධත්වය, බෝධිවෘක්ෂවලින් නිරූපණය කර ඇත. මල්දම් ආදියෙන් අලංකාර කර ඇති එම බෝධීන් වහන්සේලා දෙපස සැදැහැවතුන් බුදුවරුන්ට නමස්කාර කරන අන්දම ද නිරූපණය කර ඇත.
එම මූර්ති කැටයම් අල්පඋන්නත ලෙසින් (ඕචඵ අඥතඪඥට - බාරිලින්) නිරූපිත මේවායින් පැහැදිලි වන කරුණක් ඇත. එනම් ක්‍රිස්තු පූර්ව දෙවන ශත වර්ෂය පමණ වන විට අතීතයේ වැඩ විසූ බුදුවරයන් වහන්සේලා වන්දනාව පුරාණ ජම්බුද්වීපයේ (දඹදිව) ජනපි‍්‍රය වී තිබුණු ආකාරයයි. ආනන්ද බෝධිය රෝපණය කිරීමේ කතා-වෙහි බෝධි වෘක්ෂය බුද්ධ කාලයේ දී ම පූජනීය වස්තුවක් ලෙසින් පැවතියේ ය. එසේ වුවද භාරුත් සහ සාංචි -ස්තූප ආශි‍්‍රතව ඇති මූර්ති කැටයම්වලින් නිරූපිත බෝධි වෘක්ෂ පූජනීය වස්තුවක් හෝ බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක් ලෙසින් නිරූපණය කිරීම නොව බුදුරජාණන් වහන්සේ හා බුද්ධත්වය එයින් නිරූපණය කෙරෙනු ඇත. ඊට හේතුව වූයේ බුදු පිළිම නිර්මාණය ඊට බොහෝ කලකට පසුව එනම් ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ දී (ගන්ධාර හා මථුරාහි) සිදුවීම නිසාය. මේ සඳහා ඉතා කදිම නිදසුනක් භාරුත් මූර්ති කැටයමක සඳහන් වන (බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියන ලද) භගවතෝ සාක්‍යමුනි තො බුධෝ යනුවෙන් ලියා තිබීමෙන්ම පැහැදිලි වනු ඇත. එයින් නිරූපණය වන්නේ ගෞතම බුදුරජාණන්වහන්සේය. භාරුත් මූර්ති කැටයම්වල (මෙහි ඡායාරූපවලින් දැක්වෙන) කෝණාගමන, කකුසඳ, වෙස්සභු, සහ සිඛි යන බුදුරජාණන් වහන්සේලා නිරූපණය කෙරෙන එම මූර්ති කැටයම්වල ඒ බුදුවරුන්ගේ නාමයන් බ්‍රාහ්මි අක්ෂරවලින් ලියා තිබීමය. (භාරත ලංකා බෞද්ධ උරුමය, සිරිසමන් විජේතුංග පි. 9 – 13 (2006)

බුදුපිළිමයේ උපත - 22: 

ප්‍රථම ධර්මදේශනයට පසුබිම සැකසීම


ඒ බෝධිසත්වයන් වහන්සේ බුදුවූ ස්ථානයේ පටන් ගත වූ සත් සතියෙහි භාග්‍යවතුන්වහන්සේ කිසිදු අහරක් නොවැළඳූ සේක. ඵලසමාපත්ති-යෙන්ම කාලය ගත කළ සේක. සත්වන සතිය අවසන්හි සමවතින් නැගී සිටි භාග්‍යවතුන්වහන්සේට සක්දෙව් රජාණෝ දැවටු දඬු ද මුව දෝනා පැන්ද බෙහෙත් අරළු ද ප්‍රදානය කොට ගියහ. බුදුරජාණන් වහන්සේද දැහැටි වළඳා මුව දොවා කිරිපලුරුක්මුල වැඩහුන් සේක.
සාරානාත් පුදබිමෙහි අසෝක රජතුමා විසින් පිහිටුවන ලද ස්ථම්භයේ ශීර්ෂය
මේ සමයෙහි උත්තල ජනපදයෙන් වෙළෙඳාමෙහි යන තපස්සු භල්ලුක නම් සහෝදර වෙළෙන්දෝ (වෙළෙඳ දෙබෑයෝ) දෙදෙනෙක් පන්සියයක් පමණ ගැල් පදවාගෙන ඒ පෙදෙසට බටහ. වියළි බිම එරුනාක් මෙන් වීමෙන් ගැල් පැදවිය නොහැකි විය. ගැල් (කරත්ත) තිබූ තැනින් මදකුත් සොළවන්නට අසමත් වූහ. මෙසේ ඔවුන් කරදර වන අතර දෙව්දුවක් අතවැසි පුරුෂයෙකුට ආවේශවී බුදුරජුන් ඒ වනයෙහි කිරිපලු රුක්මුල ඉන්නා බව කියා ඔවුන් (වෙළෙඳ දෙබෑයන්) දන්දීමෙහි මෙහෙය වූහ. වෙළෙන්දෝ දේවතානුශාසනය පරිදිම භාග්‍යවතුන්වහන්සේ කරා එළැඹ විළඳ සහ මී පැණියෙන් උන්වහන්සේට පූජා කළහ. එය පිළිගන්නට භාග්‍යවතුන් වහන්සේට කිසිදු භාජනයක් නොවීය. කිමෙකින් මෙය පිළිගනිමිදැයි උන්වහන්සේට සිතක් පහළ විය. උන්වහන්සේගේ සිතිවිල්ල දැන ගත් සතරවරම් දෙවිවරු (සෙල්මුවා) ගල්වලින් සාදන ලද පාත්‍රා සතරක් පූජා කළහ.
බුදුරජාණන් වහන්සේ එම පාත්‍ර හතරම අධිෂ්ඨාන බලයෙන් එකක් කොටගෙන වෙළෙඳ දෙබෑයන් පූජා කළ විළඳ සහ මී පිඬු වැළඳූ සේක. බුදුරජාණන් වහන්සේ ඒවා වැළඳීමෙන් පසුව වෙළෙඳුන්ට පින් අනුමෝදනා කළහ. බණ ඇසූ ඔවුහු ස්වාමීනි, අපි භාග්‍යවතුන් වහන්සේත් ධර්මයත් සරණ ගියෙමු. අද පටන් දිවිහිමියෙන් බුදුන් සහ දහම් සරණගිය උපාසකයින් ලෙසට සළකන සේක්වායි පැවසූහ. ඉන්පසුව භාග්‍යවතුන් වහන්සේගේ නාමයෙන් වැඳුම් පිදුම් කිරීමට වෙළෙඳ දෙබෑයෝ ඉල්ලූහ. අනතුරුව බුදුරජාණන්වහන්සේ කේශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔවුහු රන් කරඬුවකින් එය ගෙන සිය ජාත භූමිය වූ අසිතංජන පුරයෙහි චෛත්‍යයක් කොට පිදූහ. (ශාක්‍යමුනීන්දාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහානායක හිමිපාණන් වහන්සේ පිටු 77 – 78 (1986) මෙම වෙළෙඳුන් දෙදෙනා පිළිබඳ මෙන්ම කේශධා-තුන් නිධන් කිරීම ගැන මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා මෙසේ සඳහන් කර ඇත. මේ වෙළෙඳුන් දෙදෙනා මේ කේශධාතු කරඬුවක තැම්පත් කරගෙන තමන් යන යන තැන ගෙන යන බවත් ඔවුන්ගේ එක් වෙළෙඳ ගමනකදී ඔවුන් ලංකාවේ කිසියම් වෙරළබඩ ස්ථානයකට ගොඩබට බවත් පූජාවලියෙහි සඳහන් වේ. ආහාර පිසීම අවශ්‍ය වූයෙන් තමන් ආරක්ෂා සහිත යැයි සිතූ ගලක් මත ධාතු කරඬුව තබා ඔවුහු දර සෙවීමට ගියහ. ආහාර පිස වළඳා අවසන් වූ පසුව තම වෙළෙඳ කටයුතු සඳහා මුහුදු ගමන ඇරඹීමට නැවට යනු පිණිස ඔවුහු ධාතුකරඬුව තබා තිබූ තැනින් ඉවතට ගැනීමට ගියහ. එහෙත් සිදු වූයේ ප්‍රාතිහාර්යයකි. කෙතරම් වෙහෙස දැරුවද ධාතු කරඬුව තිබූ තැනින් ඉවත් කිරීමට නොහැකිවිය. මේ ප්‍රාතිහාර්යයේ අරමුණ වෙළෙඳුන්ට අවබෝධ විය. ඔවුහු බුදුරජාණන් වහන්සේගේ කේශධාතු තැන්පත් කර තිබුණු කරඬුව පිහිටි තැන තමන්ට හැකි පමණින් කුඩා ස්තූපයක් ඉදිකරවා පිටත්වී ගියහ. කේශධාතු ස්තූපයේ නිදන් විය. ඉහත කී ප්‍රාතිහාර්යය සිදුවූයේ ලංකාවේ ගිරිහඩු නමැති ස්ථානයේ බව පූජාවලියේ සඳහන් වෙයි. ඒ නිසා තිරියායේ සංස්කෘත භාෂාවෙන් ලියන ලද (ක්‍රිස්තුවර්ෂ අටවැනි සියවසට අයත්) පුදබිම මෙය විය හැකිය. තිරියායේ (ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගිරිහඬු සෑය) මේ ස්තූපයම යැයි සැලකීම සාධාරණය. බුදුරජාණන් වහන්සේගේ ලද ප්‍රථම ධාතුන්වහන්සේ මෙම ස්තූපයේ නිදන්වී ඇති බව ක්‍රිස්තු වර්ෂ හත්වැනි සියවසේ දී ලංකාවේ මේ පළාතේ බෞද්ධයන්ද ඇදහූ බව පෙනේ. (පුරාවිදු පරියේෂණ මහාචාර්ය සෙනරත් පරණවිතාන පි. 207 – 208 (1970) භාග්‍යවතුන් වහන්සේ කිරිපලු රුක් මුලින් නැගිට යළිත් අජපාල නුගරුක වෙත වැඩි සේක. ඒ රුක් මුල වැඩසිටිනා බුදුරජාණන් වහන්සේට මෙසේ කල්පනාවක් ඇති විය. මා අවබෝධ කළ මේ සිව්සස් දහම් ගැඹුරුය. සුවසේ දැක්ක නොහැකිය. මා අවබෝධ කළ ලෝකෝත්තර ධර්මය ශාන්තය, ප්‍රණීතය. තර්ක මාත්‍රයෙන් බැස යා නොහැකිය. ශූක්ෂ්මය මනාව පිළිපන් නැණතියන් විසින්ම දත හැකිය. මේ සත්වයෝ තෘෂ්ණයෙන් බැඳී ගියෝ එයින් මිදීමට තැත් නොකොට එයින්ම තෘප්තියට පැමිණ ඉදින් ඤණන්ධ වූ මොවුන් විසින් ප්‍රත්‍යයාකාර ධර්මයද නිවනද දත නොහැක්ක ඤාණාන්ධව ඉන්නා තුරු එය මොවුන්ට දෙසීම නිෂ්ඵල වෙහෙසීමෙකි. මා ඉතා පරිශ්‍රමයෙන් අවබෝධ කළ ගැඹුරු ධර්මය දෙසීමට තවම යෝග්‍ය නොවේ. (ඉහත සඳහන් ශාක්‍යමුනීන්දාව දානය පි 78 ඉන්පසු භාග්‍යවතුන්වහන්සේ විසින් මෙම ධර්මය මිනිසුන් අතරෙන් පළමුව කාට දේශනා කරන්නේදැයි සිතූහ. ආළාර තවුසා සහ උදුක යන දෙදෙනාම සුදුසු වුවත් ඔවුහු දැන් ජීවතුන් අතර නොවූහ. පස්වග තවුසන් දැක ඔවුන් කොහි සිටීදැයි බුදුරජාණන් වහන්සේ දිවැසින් බැලූ සේක. බරණැස (වාරානසී) හි මිගදායේ ඉසිපතන ආරාමයෙහි දී සිදු කළ ප්‍රථම ධර්ම දේශනය බෞද්ධ මූර්ති කලාවේ පුද්ගලයන් වෙනුවට සංකේත භාවිත කළ මුල් අවධියේ ප්‍රධාන තේමාවක් වූයේ ය. මෙම ප්‍රථම ධර්ම දේශනය ‘ධම්මචක්ක පවත්තන සූත්‍රය’ නමින් ප්‍රකටය.
‘ධර්මචක්‍රය හැමවිටම ධම්ම චක්ක පවත්තන සූත්‍රයේ ප්‍රධාන සංකේතය බවට පත්වී ඇත. බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම නිරූපණය කරන මෙම සංකේතය සාරානාත්හි අසෝක ස්තම්භයෙහිද ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී භාවිතා වී ඇති අන්දම දැක ගත හැකිය. මෙම අසෝක ස්තම්භ ශීර්ෂය ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනයයි.


බුදුපිළිමයේ උපත - 23: 

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව මූර්ති කැටයමෙන් නිරූපණය වේ

බුදුපියාණන් වහන්සේ බුද්ධගයාවේ සත් සතිය ගත කිරීමෙන් අනතුරුව මෙකල කිලෝමීටර් 250ක් පමණ දුර මඟ ගෙවා පා ගමනින් සාරානාත් හෙවත් නූතන යුගයේ සාරානාතයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ ඈත වඩිනු දුටු පස්වග තවුසන් සිතුවේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සියලු දුක් විඳීම් ඉවත දා නැවතත් සැපවත් ජීවිතයකට පත්වී ඇතිසේය. එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව නොදැක්වීමට ඔව්හු කතිකා කර ගත්හ. එසේ වුවද බුදුරජාණන් වහන්සේ විසින් පස්වග තවුසන් සමීපයට වැඩම කරවන අවස්ථාවේදී තම කැමැත්තෙන්ම සිටි තැන්වලින් නැගිට බුදුරජාණන් වහන්සේට ගෞරව හා පුද සත්කාර කිරීමට පස්වග තවුසෝ පටන් ගත්හ.
-බුදුපියාණන් වහන්සේ බුද්ධගයාවේ සත්සතිය ගත කිරීමෙන් අනතුරුව මෙකල කිලෝමීටර් 250ක් පමණ දුර මඟ ගෙවා පා ගමනින් සාරානාත් හෙවත් නූතන යුගයේ සාරානාතයට වැඩම කළ සේක. බුදුරජාණන් වහන්සේ ඈත වඩිනු දුටු පස්වග තවුසන් සිතුවේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ සියලු දුක් විඳීම් ඉවත දා නැවතත් සැපවත් ජීවිතයකට පත්වී ඇතිසේය.
එනිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව නොදැක්වීමට ඔව්හු කතිකාකර ගත්හ. එසේ වුවද බුදුරජාණන් වහන්සේ විසින් පස්වග තවුසන් සමීපයට වැඩම කරවන අවස්ථාවේදී තම කැමැත්තෙන්ම සිටි තැන්වලින් නැගිට බුදුරජාණන් වහන්සේට ගෞරව හා පුද සත්කාර කිරීමට පස්වග තවුසෝ පටන් ගත්හ.
ඒ අනුව බුදුරජාණන් වහන්සේ ළංවත්ම ඔව්හු තමන් කරගත් කතිකාවන්හි පිහිටා සිටින්නට නොහැකිවූහ. එක් තවුසෙක් පෙරමුණට ගොස් පාත්‍ර චීවර පිළිගත්හ. තවත් තවුසෙක් පා සේදීමට දියද, පා පුටුවද, පාද කඨලිකාවද ගෙනවුත් ළං කොට තැබීය. (ශාක්‍ය මුනින්ද්‍රවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය, අතිපූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමි පි. 81 (2000) භාග්‍යවතුන් වහන්සේ ද පැනවූ ආසනයෙහි හිඳ පා සේදූ සේක. ඉන්පසු තවුසෝ බුදුරජාණන් වහන්සේ පෙරසේ තමනට සම කෙනෙකුට කතා කරන්නාක් මෙන් ඇවැත්නි, ගෞතමයෙනි කියා ආමන්ත්‍රණය කරන්නෝ ඇවැත්නි ගෞතමයෙනි. අපි ඒ කාලයෙහි ඌරුවේලායෙහි වසන්න මෝ ඔබගේ පාසිවුරු ඔසවාගෙන හැසුරුනෙමු. මුවදෝනා දිය හා දැහැටි පිළියෙළ කොට දුනිමු. ඔබ විසූ පිරිවෙන ඇමද්දෙමු.
ඉන්පසු ඔබට වත් පිළිවෙත් කළෝ කවුරුද අප ඔබ හැර දමා ගිය කල අප ගැන යමක් සිතුණේ නැද්ද? යන ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ හා කතාවට පටන්ගත්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ ඔවුන් අමතා මහණෙනි, තථාගත වූ තැනැත්තහුට ඇවැත්නි කියාත්, නම කියාත් ආමන්ත්‍රණය නොකරව්.
මහණෙනි, තථාගත තෙම සියලු කෙලෙස් නැසූහ. මනාකොට සියලු ධර්මයන් තෙමේම අවබෝධ කළ කෙනෙකි. මහණෙනි, කන් යොමු කරව්, තථාගත වූ මවිසින් නිවන ලද්දේය.
ඒ ඔබ යුෂ්මතුන්ට අනුශාසනා කරමි. (ඉහත සඳහන් ග්‍රන්ථය පි. 82 ) බුදුරජාණන් වහන්සේ ධර්මය හඳුන්වා ඇත්තේ චක්‍රයකටය. මෙහි චක්‍රය ප්‍රවර්තනය කිරීම යනු ධර්මයේ අණසක කිසිදු වෙනසකින් තොරව ලෝකයෙහි පැවැත්වීමයි. අනෙක් අතින් මෙම සූත්‍රයට ඇතුළත් චතුරාර්ය සත්‍යය ත්‍රිපරිවර්ත ද්වාදසාකාරයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර ඇත. (Lalithavistara – P -51 )
 
චක්‍රය වෙනත් විවිධ ආකාරයෙන් ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කිරීම සඳහා පමණක් නොව බුදුරජාණන් වහන්සේ මානව රූපීව මූර්තිමත් කරන්නට පෙර (කනිශ්ක රාජ යුගයේ ගන්ධාරයේ බුදු පිළිම නිර්මාණයට පෙර ක්‍රි.ව. 2 සියවස) භාවිතා කළ අනෙකුත් ලාංඡන අතරේ සිරිපතුල ඡත්‍රය ශ්‍රී මහබෝධිය මෙන්ම ධර්ම චක්‍රයද භාවිතා කර ඇති බව පුරාණ භාරතීය මූර්ති කලාවෙන් පැහැදිලි වේ. ඒ බව භාරුත් සාංචි ආදී මූර්ති කැටයම්වලින්ද පැහැදිලිවේ.
චක්‍රය වෙනත් විවිධ ආකාරයෙන් අර්ථවත් කිරීමට බෞද්ධ කලා ශිල්පවල යොදාගෙන තිබුණද ප්‍රථම ධර්ම දේශනා අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීමේ පිළිගත් සංකේතය ලෙසට පත්ව ඇති බව සාංචි, අමරාවතී, ගන්ධාර හා භාරුත් වැනි පුදබිම්වල මූර්ති කැටයම්වලින් දැකගත හැකිය. අංක එක සාංචි ස්තූපයේ බටහිර තොරණේ දෙවැනි පෙළෙහි සාරානාත්හි (බරණැස) තථාගතයන් වහන්සේ ප්‍රථම ධර්මදේශනාව පැවැත් වූ බැව් එහි හරිමැද විශාල ධර්ම චක්‍රයක් කැටයම් කිරීමෙන් පෙන්වා ඇත. ධර්ම චක්‍රය දෙපස සතා සිව්පාවුන් ඇතුළු විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන ආකාරයෙන් සිහිපත් කරන්නේ එම දේශනාව අවසානයේ අකණිටා බ්‍රහ්ම ලෝකය තෙක් දෙව් මිනිසුන් සාධු නාද පැවැත් වූ අවස්ථාව යැයි අනුමාන කළ හැකිය. එසේම දැනට කල්කටා කෞතුකාගාරයෙහි ඇති චක්‍රයෙන් පෙන්නුම් කරන්නේද ප්‍රථම ධර්ම දේශනාවයි. මෙහිදී දෙවිවරුන් හා මිනිසුන් බුදුරජාණන් වහන්සේට (චක්‍රයට) නමස්කාර කරනු දැක්වෙයි. එමෙන්ම මුවන් දෙදෙනෙක්ද චක්‍රය දෙපස වෙයි. මෙම චක්‍රය, ප්‍රථම ධර්ම දේශනාව මූර්තිමත් කරමින් නිමවන ලද්දක් බව එයින්ද පැහැදිලිවෙයි. එයට හේතුව බුදුපිළිමය ඇතිවීමෙන් පසුවද දම්සක් දෙසුම පැවැත්වීම දක්වන ප්‍රතිමාවන්ට පහළින් මිගදාය සිහිපත් කිරීමට මුවන් දෙදෙනෙක් හෝ කැටයම් කර තිබේ. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ මහාචාර්ය, අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නා හිමි. (පි. 5 2010) )


බුදුපිළිමයේ උපත - 24: 

ධම්මික ස්තූපය  පිහිටි සාරානාත්  පුදබිම


ගෞතම බුදුරූජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශූනය වූ ධම්මූචක්ක පවත්තන සූත්‍රය පස්වග මහූණුන් වහන්සේට දේශනා කළේ ඉන්දියාවේ (මෙකල) ඉසිපූතූනාරාමයේ සාරානාත් පුදූබිමේ දීය. එම නිසා සාරානාත් පුදූබිම ගැන සඳූහන් කරන විට බුදුදූහමේ නිජූබිම ලෙසින්ද සැළූකිය යුතුව ඇත.
“නූතන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි වාරානසි දිස්ත්‍රික්කයේ පුරාණ ඉසිපූතූනාරාමය (සෘෂිපූතන හෙවත් මිගූදාය) බෞද්ධ සාහිත්‍යූයෙහි සඳූහන් වන පරිදි කාශ්‍යප බුදුරූජාණන්වහන්සේ උපූතූලද පුදූබිම සේ සැළකේ. ගෞතම බුදුරූජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීමට පෙර එම ප්‍රදේශය එ තූරම් ප්‍රසිද්ධියට පත් වී තිබුණේ නැත. ‘සාරානාත්’ යන වචූනය පුරාණ පාලි හෝ සංස්කෘත සාහිත්‍යූයෙහි දක්නට නැත. ‘සාරංගූනාථ’ යන වචූනය ව්‍යවූහාරයට පත්වී සාරානාත් යන වචූනය සෑදී ඇත. සාරංගූනාථ යන වචූනයේ අදූහස මුවන්ගේ නායූකයා.  (Lord of the deers) යන්නය. සාරංගූනාථ යන නාමය මුල් කාලයේ දී භාවිතා වී ඇත. අදත් මෙම පුදූබිමෙහි මුවන් සහ ගෝණුන් දැක ගත හැකිය. (දඹූදිව සිව්මහ පුදූබිම් - සිරිසූමන් විජේතුංග පි. 55 – 81 – 2011)
සාරානාත්හි විශාල ප්‍රදේශූයක් පුරා පුරාණ ගොඩූනැගිලිවල නටූබුන් අපි දුටුවෙමු. මේවා සියල්ලම පාහේ නූතන ඉන්දියාවේ පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුව විසින් සංරක්ෂූණය කර ඇත. "සාරානාත්" යන නාමය මේ ප්‍රදේශූයට භාවිතා වුවද පාලි ග්‍රන්ථූවල මෙම පුදූබිම හඳුන්වා ඇත්තේ "මිගූදාය" හෝ "ඉසිපූතන " යන නාමූයෙනි. "ඉසිපූතන" යන නාමය සංස්කෘත භාෂාවෙන් සෘෂිපූතන යනුවෙන් ද භාවිත වේ. පුරාණ කාලයේ සාෂිවූරුන් වාසය කළ ප්‍රදේශය ලෙස ද සමූහරු හඳුන්වති. පතන යන වචූනයේ අරුත වැටෙන හෝ නටූබුන් හෝ වාස භවන යනුවෙන්ද අර්ථ ගන්වා ඇත. ක්‍රිස්තු වර්ෂ පස්වන සියූවූසේදී ඉන්දියාවට පැමිණි චීන භික්ෂූන් වහන්සේ නමක් වූ ෆාහියන් හිමියන් සඳූහන් කරන්නේ පතන යන්නෙහි අරුත වැටුණ යන්නය. පසේ බුදුවූරුන් පිරිනිවන් පෑමෙන් පසුව අහසේ සිට මෙහි පතිත වූ නිසා මෙම ‘සෘෂිපූතන’ යන නාමය යෙදුණු බවද සෘෂිවූරුන් පතිත වූ නිසා ‘සෘෂිපූතන’ වූ බවද සමූහරු සඳූහන් කරති. බරූණැසට ඉතා සමීපව පිහිටි ඉතා විශාල නගූරූයක් ලෙසින්ද භික්ෂූන් වහන්සේලාට වාසය සඳහා සුදුසුම ප්‍රදේශූයක් ලෙසින් ද මේ පිළිබූඳව පාලි සාහිත්‍යූයෙහි සඳූහන් වේ. මුවන්ගේ අභය භූමිය යන අරුත් සහිතව Deer park or deer sanctuary  මේ සඳහා භාවිතා වේ.

ඇසළ මස පුර පසූළොස්වකදා බුදුරූජාණන් වහන්සේ ප්‍රථම ධර්ම දේශූනය පස්වග මහූණුන් වූ කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම සහ අස්සජී භික්ෂූන් වහන්සේලාට දේශනා කළ සේක. බුදුසසුනේ නිජූබිම ලෙසින් සැලූකෙන්නේද මෙම පුදූබිමය. (ඉහත සඳූහන් ග්‍රන්ථය පි. 59 – 60 )
ප්‍රථම බෞද්ධ අධිරාජයාවූ (ජම්බුද්ධීපයේ) අසෝක රජු (ක්‍රි.පූ. 273 – 232 ) ක්‍රිස්තු පූර්ව 250 දී සාරානාත් පුදූබිමට පැමිණියේ ය. අසෝක රජුගේ මෙහෙයූවීමෙන් මෙම පුදූබිමෙහි ස්මාරක කීපූයක් ගොඩූනංවා ඇත. එයින් එකක් ධර්මූරාජික ස්තූපූයයි. අනෙක ධමෙක් ස්තූපූයයි.

පුරාණ සාරානාත්

සාරානාත්හි පුරාණ බෞද්ධ ගොඩූනැගිලිවල නටූබුන් රාශියක් අද දක්නට ලැබේ. මෙම නටූබුන් අතර ස්තූප දෙකක්, ආරාම සංකීර්ණ කීපූයක් සහ ක්‍රි.පූ. තුන්වන සියූවසේ දී අසෝක රජූතුමා විසින් පිහිටුවන ලද අසෝක ස්ථම්භය ද වේ. මේ ගැන අපි පසුගිය සතියක විස්තර කළෙමු. සාරානාත්හි ඇති ආරාම සංකීර්ණ වල අත්තිවාරම් සහ බිත්ති ආදිය ඉන්දියානු පුරාවිද්‍යා අධිකාරිය විසින් සංරක්ෂූණය කර ඇත. බුදුරූජාණන් වහන්සේ වැඩ සිටි මූලූගන්ධකුටි විහාරූයද පිහිටියේ මෙම සාරානාත් පුදූබිමෙහිය. එහිද නටූබුන් හමුවී ඇත. පුරාණ කාලයේ භාරත ප්‍රදේශයේ අනෙකුත් පුදූබිම්වල මෙන්ම මෙහිද ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියූවසේ සිට ක්‍රිස්තු වර්ෂ 11 වැනි සියූවස තෙක්ම සාරානාත් පුදූබිම සැදැහැවතුන්ගේ වැඳුම් පිදුම්වූලට භාජූනය වූ පුදූබිමක් ලෙසින් පැවූතුණි.
මෙතෙක් සාරානාත් පුදූබිමෙන් සොයාගෙන ඇති බෞද්ධ පුරාවස්තු හා මූර්ති ඵලක මෙසේ ය.
1. අසෝක ස්ථම්භය, 2.අසෝක රජු විසින් පළූමුව සාදන ලද ධමෙක් ස්තූපය, 3. ධර්මූරාජික ස්තූපය (මෙයද ක්‍රි.පූ. 3 වන සියූවසේ දී අසෝක රජූතුමා විසින් සාදූවන ලදී 4. සාරානාත් ආරාම සංකීර්ණය, 5. ප්‍රධාන මූලූගන්ධකුටි විහාරය ගුප්තූරාජ යුගයේ දී ක්‍රිස්තු වර්ෂ 4 – 6 යන සියූවූසවලදී ද සාදන ලදී. 6. ධම්මූචක්ක ජින විහාරය (කුමාර දේවි විසින් සාදූවන ලදී.) 7. මීට අමූතූරව ක්‍රිස්තු වර්ෂ 2 – 4 වන සියූවස්වලදී කුශාන රාජ යුගයේ දී සාදූවන ලද වෙහෙර විහාර වල නටූබුන් හමුවී ඇත.

ධමෙක් ස්තූපය

පස්වග මහූණුන්වූහන්සේලාට බුදුරූජාණන් වහන්සේ විසින් ප්‍රථම ධර්ම දේශූනය පවත්වන ලද පුදූබිමෙහි ස්ථානූයෙහි මෙම ධමෙක් ස්තූපය පළූමුව ඉදිකූරවන ලද්දේ අසෝක රජූතුමා (ක්‍රි.පු. 273 – 232 ) විසිනි. ප්‍රථම ශ්‍රාවක සංඝයා වහන්සේ ඇති වූ පුදූබිම ලෙසින්ද මෙය සැළකේ. ධම්මික ස්තූපය නමින්ද මෙය හැඳින්වේ. මෙම ස්තූපයේ වට ප්‍රමාණය (විශ්කම්භය) මීටර් 28 කි. උස මීටර් 33 කි.
මෙම ධමෙක් ස්තූපය තමා දුටු බව ක්‍රි.ව. ( 376 – 414 ) රජ කළ දෙවැනි චන්ද්‍ර ගුප්ත (ගුප්ත රාජූවංශික) රජුගේ කාලයේ දී ඉන්දියාවට පැමිණි. චීන ජාතික ෆාහියන් හිමියෝ සඳූහන් කරති. ධර්මූචක්‍ර විහාරය යනු මේ සඳහා පැරණි කාලයේ ව්‍යවූහාර කළ නාමූයයි. ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනූරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් මෙම ස්තූපය පුරාවිද්‍යා කැණීමූකට භාජූනය කරන ලදී. එහිදී ‘යෙ ධම්මා හේතු පභවා’ යනුවෙන් සඳූහන්වන අකුරු සහිත අඟල් තුනක් දිග ගල් පුවූරුවක් හමුවී ඇත.
මෙම ස්තූපය ගුප්ත රාජ යුගයේ දී දෙවැනි චන්ද්‍ර ගුප්ත රාජ සමයේ දී විසිතුරු ලෙස කැටූයම් කරන ලදී. දුඹුරු පැහැති ගල් කුට්ටිවලින් වලල්ලක් සේ වට බැම්මූකින් යුක්තය. එය ස්තූපයේ අඩි 36 ක් පමණ උසට වැසී යන ලෙසින් සාදා තිබේ. මෙම ස්තූපයේ මැද කොටස උස්ව දිස්වේ. ඒ මුල් ගඩොල් ස්තූපූයෙහි ගුප්ත රාජූධානි කාලයේ දී නිර්මිත වටේට තිබෙන මතු වූ ආරුක්කු මැද සිදුරු වල බුදුපිළිම තැන්පත් කර තිබුණි.