ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

කොහෙන්ද මෙතරම් ධාතූන් වහන්සේලා...?


►සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අනෙකුත් විහාරස්ථානත් සමග යටිහලගල රාජමහා විහාරයේ ඇති විශේෂත්වය කුමක්ද?

යටිහලගල රාජමහා විහාරය ෙඓතිහාසික ලේඛනයන්ට අනුව අවුරුදු 700ට වඩා පැරණියි.මෙහි විශේෂත්වය තමයි අසිරිමත් ලෙස ධාතූන් වහන්සේලා වැඩ සිටීම.ප‍්‍රධාන ලෙසට බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලාත්,අස්ථි ධාතූන් වහන්සේලාත් අරහන්ත ධාතූන් වහන්සේලාත් වැඩ සිටිනවා.යටිහලගල වැඩ සිටින ධාතූන් වහන්සේලා පරම්පරාවෙන් පරම්පාරවට ආරක්ෂා වුනු අවුරුදු දහස් ගණනක් මෙ ලක් පොළොව මත වැඩ සිටිය ධාතූන් වහන්සේලා.
ඒ අනුව බලන කල පියවි නෙතින් දැකිය හැකි වැඩිම ධාතූන් වහන්සේලා ප‍්‍රමාණයක් වැඩ සිටින්නේ යටිහලගලයි.අනිත් කාරණාව තමයි ඔනෑම කෙනෙකුට කිසිදු බාධාවකින් තොරවම දැක ගැනීමට ඇති අවස්ථාව.එකම ධාතූ කරඩුවක බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුක අග‍්‍රශ‍්‍රාවකයන් වහන්සේලාද සමග මහරහත් ධාතූන් වහන්සේලා වැඩ සිටීම පුදුමයක්. ඓතිහාසික යටිහෙලගල පුරාණ රාජමහා විහාරයේ ද කේශ ධාතූඣන් වහන්සේලා විශාල ප්‍රමාණයක් වැඩ සිටිති.
පරම්පරාවෙන් පරම්පරාවට ආරක්‍ෂාවෙමින් පැවති මේ කේශ ධාතූන් වහන්සේලා ඉතා තද කලු පැහැති ය වක්‍ර හැඩය ගනී එහි වැඩ සිටින කේශ ධාතූන් වහන්සේලා ගෙන් ප්‍රමාණයෙන් දිග කේශ ධාතු අඟල් දෙකක් තරම් දිග ය. මේ කේශ ධාතු අතර අඟල් දෙකට වඩා කුඩා කේශ ධාතු කොටස් ද විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. මේ නිසා දිග කේශ ධාතු වෙනමත් කුඩා කේශ ධාතු වෙනමත් ගෙන ඉතා රමණීය රන් කරඬුවක තැන්පත් කර තිබේ මේ කරඬුව අඩි හයක් තරම් උස ය රමණීය වියනක්, රන් ඡත්‍රයක් සහිත ය. කේශ ධාතූන් වහන්සේලා වැඩ සිටින මේ කරඬුව දුටු විට එක්වර ම සිහිවන්නේ මහනුවර ශ්‍රී දළඳා මැදුරේ මහ රන් කරඬුව යි.

කේශ ධාතු වැඩ සිටින කරඬුව තුළ සර්වඥ ධාතූන් වහන්සේලා ද, රහත් ධාතූන් වහන්සේලා ද වැඩ සිටිති.රහත් ධාතු අතර සැරියුත්,මුගලන්, සීවලී, බක්කුල, ආනන්ද, අංගුලිමාල යන මහ රහතන් වහන්සේලා ගේ අස්ථි ධාතු ද මහා ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණින් වහන්සේ ගේ අස්ථි ධාතූන් වහන්සේ නමක් ද තැන්පත් ව ඇත, ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ ගේ අස්ථි ධාතූන් වහන්සේ පමණක් වෙනම කරඬුවක් තුළ තැන්පත් කර තිබේ.

සැරියුත් මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතූන් වහන්සේ සාංචියේ කැණීම්වලින් හමු වූ සැරියුත් මහරහතන් වහන්සේ ගේ අස්ථි ධාතූන් මෙන් ප්‍රමාණයෙන් තරමක් විශාල ය. දිගටි ය. සුදු පැහැයට හුරු ය. මුගලන් මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුව කුඩා ය. ඉතා තද දුඹුරු පැහැති ය. සීවලී මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතු තරමක් විශාල ය. සුදු පැහැති ය. බක්කුල මහ රහතන් වහන්සේ ගේ ද එසේම ය. මේ රහත් ධාතූන් වහන්සේලා ලැබී ඇත්තේ බුරුම රටෙන් ය.
ආනන්ද මහ රහතන් වහන්සේ ගේ හා අංගුලිමාල මහ රහතන් වහන්සේ ගේ ධාතු ලංකාවේ පරම්පරාවෙන් පරම්පරාවට ආරක්‍ෂාවෙමින් තිබී හමු වී ඇත. ආනන්ද මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුව කුඩා ය. සුදු පැහැති ය. දීප්තිමත් ස්වභාවයක් පෙන්වයි.
අංගුලිමාල මහ රහතන් වහන්සේ ගේ අස්ථි ධාතුව මහානුභාව සම්පන්න බවක් පෙන්නුම් කරයි. මේ අස්ථි ධාතුව ද කුඩා ය. තද දුඹුරු පැහැයට හුරු ය. මේ ධාතූන් වහන්සේ ගැබිණි මව්වරුන් ගේ මහත් වූ වන්දනාවටත් ගෞරවාදරයටත් පත්ව ඇත.
ප්‍රජාපතී ගෝතමී මහ රහත් තෙරණියගේ අස්ථි ධාතුව කුඩාය.සුදු පැහැති ය. අස්ථි කැබැල්ලක ගති ස්වභාවය හොඳින් ප්‍රකට කරයි.

►බුද්ධ දේශනාෙවි සඳහන් වෙනවා සර්වඥ ධාතුන් වහන්සේලාගේ ස්වභාවයන්.ඒ අනුව යටිහලගල වැඩ සිටින ධාතූන් වහන්සේලා බුද්ධ දේශනාව සමග ගැලපෙනවාද?

බුද්ධ දේශනාෙවි සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලාගේ ස්වභාවන් අබ ඇට,කඩසහල්,මුං පියලි තරම් කියල.එහෙම බලද්දී යටිහලගල වැඩ සිටින ධාතූන් වහන්සේලා මුං පියල්ලකට වඩා විශාලත් නෑ අබ ඇටයකට වඩා කුඩත් නෑ. ඒ අනුව ඒ ධාතූන් වහන්සේලාගේ පාට,දිග ප‍්‍රමාණය ගත්තම බුදධ දේශනාවට මනාව ගැලපෙනවා.

►ඇත්තෙන්ම මෙතරම් විශාල ධාතූන් වහන්සේලා ප‍්‍රමානයක් එකම තැනක වැඩ සිටින්නට පුළුවන්ද?

යටිහලගල වැඩ සිටින ධාතුන් වහන්සේලා අඟලක තරම් වන මංජුසාවක තැන්පත් කලත් ඒ මංජුසාව පිරෙන් නෑ.සාමාන්‍යය මනුෂ්‍යයෙක්ගේ ඉල අටයක් කුඩා කොටස් වලට කැඩුවත් ලක්ෂයක් විතර ඇට කැබලි ලැබෙනවා.
මිනිසෙකුගේ අස්ථි පද්ධතිය ගැන නොදන්න අය තමයි ඔය ප‍්‍රශ්නය නගන්නේ.බුදු රජානන් වහන්සේගේ ශ‍්‍රි ශරීරය අපේ ශරීරයට වඩා වෙනස්.බලන්න බුද්ධ දේශනාෙවි මහ පුරුෂ ලක්ෂණ ගැන සඳහන් වන තැන තියෙනවා උන් වහන්සේට ඕලූ මුවන්ගේ බදු කෙණ්ඩා තියෙනවා කියලා.උන් වහන්සේට නොනෑමී තම දණහිස් ස්පර්ශ කරන්න පුළුවන්.උන් වහන්සේගේ ජංඝාඅස්ථිය අපට වඩා දිගින් වැඩියි.ඒ නිසා උන් වහන්සේගේ ශාරීරක ධාතූන් වහන්සේලා වැඩි වෙන්න ඔනී.
උන් වහන්සේ පිරිණිවන් පෑ පසු ධාතූන් වහන්සේලා ද්‍රෝණ අටක් වෙන් වුනා.මගධ නැලියෙන් නැලි 16ක්.නැලියක් කියන්නේ මුට්ටි 2ක් වගේ.ඒ අනුව බලද්දී යටිහලගල වැඩ ඉන්න ධාතූන් වහන්සේලා ඉතාම ස්වල්පයක්.නුමුත් අනෙකුත් වෙහෙර විහාරස්ථාන එක්ක බලද්දි ඒක විශාල ප‍්‍රමාණයක්.අනිත් එක පින් තියෙන තැනට තමයි ධාතූන් වහන්සේලා ලැබෙන්නේ.

►ධාතූන් වහන්සේලා යම් තැනකට ලැබෙන්නේ සසරේ කල පින් බලයටමද?

ෙමි හැම දේකටම බුදු රජාණන් වහන්සේගේ අධිෂ්ඨාන,දෙවියන්ගේ නාගයන්ගේ අධිෂ්ඨාන,බල යන සියලූ කාරණා බලපානවා.ඇත්තෙන්ම ඒ සදහා සංසාරේ කල පින් තිබිය යුතුයි.නැත්නම් සියලූ දෙනාට ධාතූන් වහන්සේලා ලැබිය යුතුයි.බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටන කාලයේ තමයි ලලාට ධාතූන් වහන්සේ ලංකාවට ලැබෙන්නට ඔීනි කියල අධිෂ්ඨාන කලේ.ලංකා දීපය තමයි උන් වහන්සේගේ ධාතූන් වහන්සේලා රකින්නේ.ඒ නිසා ධාතූන් වහන්සේලා රකින තැනට තමයි ධාතූන් වහන්සේලා ලැබෙන්නේ.
අංගුත්තර නිකායේ අට්ඨ කථාෙවි තියෙනවා සත්කාර නොකරන තැනක ඉඳන් සත්කාර කරන තැනකට දෙවිවරු ධාතූන් වහන්සේලා ගෙනියනවා කියලා.ඒකෙන්ම පේනවා ධාතූන් වහන්සේලා ලැබෙන්නේ සත්කාර කරන තැනටමයි.

►23 24 25 යන තෙදින තුල හටිහලගල රාජමහා විහාරයේ අසිරිමත් දෙයක් සිදු වනවා.

ඔව් ඉතා කලාතුරකින් සිදු වන දෙයක්.ඒ දින 3 තුලදී දහසක් තරම් වූ සර්වඥ ධාතූන් වහන්සේලාත් කේෂ ධාතූන් වහන්සේලාත් විසි නමක් පමණ වූ මහ රහත් ධාතූන් වහන්සේලාත් එක වර දැක ගන්න ලැබෙනවා.විශාල පිරිසක් සමග එක් වී කරන විශාල පින්කමක්.අසිරිමත් අවස්ථාවක්.මෙහෙම අවස්ථාවක් අති දුර්ලබයි.
කපිලවස්තුවෙන් ධාතූන් වහන්සේලා 4 නමක් ලංකාවට වැඩම කලා.එයිනුත් අපට දැක ගන්න ලැබුනේ ධාතූන් වහන්සේලා දෙනමක් විතරයි.නමුත් හරි හැටි දැක ගන්නට පවා ලැබුනේ නැ.නමුත් මෙහිදී එහෙම නෙවෙයි.දහසක් තරම් වූ ධාතූන් වහන්සේලා අසලටම විත් ඇති තරම් දැක ගන්න හැකියාව ලැබෙනවා.කෙනෙකුට ජීවිත කාලයේ තුල දකින්නට ලැබෙන දුර්ලබ අවස්ථාවක්.
ආපදාන පාලියේ තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය විස්තර.නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා.ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක්

කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණේ ආචාර්ය කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ බාහිර කථිකාචාර්ය
ගයාන් චානුක විදානපතිරණ සමග කල සංවාදයකි