ආපදාන පාලියේ සඳහන්ව තිබෙනවා ධාතූන් වහන්සේලා වන්දනා කර අරහත්වයට පත් වූ සුගතියට ගිය පුණ්‍යවන්තයින් පිළිබඳ විස්තර. නුවණැති කෙනා කෙසේ හෝ තමන්ගේ ගැලවීම හදා ගන්නවා. ඒ නිසා නුවණැතියන්ට ලැබෙන අතිශය දුර්ලභ අවස්ථාවක් ධාතූන් වහන්සේලා වන්දනා කිරීම.

වදිනෙමි මුණි සිරිපා බැතියෙන්

බුදුපිළිමයේ උපත - 1

බුද්ධ ප්‍රතිමා වන්දනාවට පෙර පුරාණ භාරතය

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ 

සිරිසමන් විජේතුංග

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය යෙදී තිබුණේ 2011 වෙසක් පුන් පොහෝදිනටය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් වසර පන්සියයකට පමණ පසුව මානව රූපීවල (බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක් හෝ රූපයක්) බුද්ධ ප්‍රතිමා සහ බුදුරුව නිර්මාණයට සිදුවූ බව ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් හෙළිවී ඇති කරුණකි. මෙසේ බුදුපිළිම නෙලීමට භාරතීය කලාකරුවාට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයක්ම ගත වූයේ කුමක් නිසාද? යන කාරණය ගැන මේ විෂය පිළිබඳ විවිධ විද්වතුන්ගේ අදහස් ඉදිරිපත් කර ඇත. ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය අනුව මෙම බුදුපිළිම නිර්මාණය කිරිමක් දක්නට නොලැබේ. තුන්වන ධර්ම සංඝායනාව අසෝක රජුගේද අනුග්‍රහයෙන් පැවැත්වීමෙන් පසුව ථෙරවාදි බෞද්ධ සම්ප්‍රදාය ලංකාව, තායිලන්තය, බුරුමය (මියන්මාර්) ආදී රටවල දියුණුවට පත් වූයේය.
ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි නාගර්ජුනකොණ්ඩ පුදබිමේ මූර්ති කැටයමකි
පුරාණ භාරතයේ බුදුපිළිම නිර්මාණය වූයේ මහායාන බුදුසමය ඉතා දියුණුවට පත්වූ සමයේදී බව ඉතා ප්‍රකට කරුණකි. එය සිදුවූයේ වයඹ දිග ඉන්දියාවේ (මෙකල පකිස්ථානයට අයත්) ගන්ධාර දේශයේය. වයඹ දිග ඉන්දියාවේ පුරුෂ පුරය හෙවත් පුෂ්කලාවති නුවර අගනුවර කරගත් රාජධානියක් පිහිටුවන ලද කණිෂ්ක රාජ යුගයේදි (ක්‍රිස්තු වර්ෂ 120) බුදුපිළිම නිර්මාණය ප්‍රථම වරට සිදුවූ බව විද්වත්හු ප්‍රකාශ කරති. මීට සමගාමීව ඉන්දියාවේ තවත් ඉතා ප්‍රකට පුදබිමක් වු යමුනා ගංගාව තීරයේ පිහිටි මථුරා පුදබිමේ ද බුදුපිළිම නිර්මාණ සිදුවූ බව විද්වතුන් අතර පවතින මතයකි. දිල්ලියට දකුණු දෙසින් ගංතීරයේද පුරාණ භාරතීය මුර්ති කැටයම් කලාව පිළිබඳ ප්‍රකට වූවකි. බෞද්ධ සාහිත්‍යය සහ මහාවංසය වැනි ග්‍රන්ථවල ඊට පෙරද බුදු පිළිම නිර්මාණය වී තිබුණු බව සඳහන් වුවද ඒවා ලිඛිත සාක්ෂි මිස පුරාවිද්‍යාත්මකව ඔප්පු වී නැති බවද සඳහන් කළ යුතුව. ඇත. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා මේ පිළිබඳ ඉතා දීර්ඝ ලෙසින් අධ්‍යයනය කර ඇත. “බෞද්ධ ප්‍රතිමාවේ මූලධර්ම” නමැති ග්‍රන්ථය ලියූ ඒ විද්වතා මේ පිළිබඳ ශාස්ත්‍රීය කරුණු හෙළි කළේය. (භාරත ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 1-2 (2006)
එසේ නම් බුදුපිළිම නිර්මාණය පූර්ව කාලයේදී බුදුරජාණන් වහන්සේ නිරූපණය කිරීම සඳහා පුරාණ භාරතයේ (ජම්බුද්වීපයේ) මූර්ති ශිල්පීන් නිර්මාණය කරන ලද්දේ කුමන මූර්ති (ඉජභතනබභපඥ ස්කල්ප්චර්) ද යන්න විමසා බැලිය යුතුව ඇත. මේ සඳහා පුරාණ භාරතයේ බෞද්ධ කලාව නිරූපණය කරන ලද පුදබිම් කිහිපයකින්ම උදාහරණ ලබාගත හැකිව ඇත.
අප රටේ පුරාණතම මූර්ති කලා නිර්මාණ මිහින්තලේ කණ්ඨකචේතියෙන් හමුවෙනවා මෙන්ම පුරාණ භාරත දේශයේ බෞද්ධ මූර්ති නිර්මාණ හමුවන පුදබිමක් ලෙසින් මෙකල ඉන්දියාවේ උතුරුමැද ප්‍රදේශයේ පිහිටි භාරුත් පුදබිම පෙන්වාදිය හැකිය. මෙහි අඩි 67 ක් පමණ විශ්කම්භයකින් යුක්ත පාදමක් මත සාදන ලද දාගැබක් තිබුණු බව නටබුන් වලින් හෙළිවේ. පසුකාලයේදී මෙම දාගැබ විනාශ කර තිබුණි. ඉතිරිව තිබුණේ එම දාගැබේ කොටස් කීපයක් පමණකි. සුංග රාජ යුගයේදී (ක්‍රිස්තු පූර්ව 2-1 සියවස්වලට අයත්) මූර්ති හා එම වාස්තු විද්‍යා නිර්මාණ 1874 දී ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා විසින් සොයාගන්නා ලදී. (ඕඩ්ඒඅඩ්උඊ ඉඛ්උඹ්ර්‍ථඊඋඅඡ් - ච්අ.අ.ඛ්. ඉඩ්ඒඅර්ඒ ච්ධ්අඡ්ඛ්ඊර්‍ණඅ ට්ඡ්ව්ඒඅඒඹ්-ව්ඒඊධ්ර්‍ණව්ඒඹ් ර්උඉඡ්උර් ව්ඡ්එ ච්ඡ්ඹ්ඩ්ධ් - ර්‍ථ.1)
මෙම භාරුත් දාගැබෙහි වටා තිබුණු ප්‍රාකාරයෙහි ඉතිරි වී තිබුණූ ගල් කුලුනු තුන අවට කැණීම් කිරීමේදී නටබුන් රැසක්ම මතුකර ගැනීමට පුරාවිද්‍යාඥයන්ට හැකි වූයේය. බෞද්ධ ගරාදි වැට නමින් හඳුන්වනු ලබන ශිලාමය ගල් වැටෙහි මෙම මූර්ති දක්නට ලැබුණි. ඒ සමඟ භාරුත් දාගැබ දක්නට ලැබුණි. ඒ සමඟ භාරුත් දාගැබ අසල සාංචි ස්තූපයේ ඇති තොරණක මෙන් වූ තොරණක නටබුන්ද හමුවී ඇත. එම තොරණට අයත් වූ ගල්පුවරු 3 ක්ද හමු විය.
පුරාණ භාරතයේ (වසර 3500 පමණ පැරණි) මෙකල පකිස්ථානයට අයත් ඉන්දු ගංගා ආශි‍්‍රත වූ මොහෙන්ජෝදාරෝ – හරප්පා ශිෂ්ටාචාරයට පසුව පැරණිම බෞද්ධ පුරාවස්තු හමුවන පුදබිම භාරුත් ය. විශේෂයෙන්ම මෙම භාරුත් බෞද්ධ මුර්ති කැටයම් ඇත්තේ තොරණේ ඉහළම හරස් අතට ඇති ශිලාමය ඵලකයෙහිය. එම කොටසෙහි මල් ලියවැල් ආදි කැටයම් අල්ප උන්නතව නෙළා ඇත. එපමණක්ද නොව මුර්ති ඵලක වල ජාතක කතා නිරූපිත අවස්ථාද බදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවාසය කළ කාලයේ සිදුවු සිදුවීම් නිරූපණය කළ මුර්ති කැටයම්ද හමු වී ඇත. මෙවැනි අල්ප උන්නත මූර්ති භාරුත් පුදබිමට අමතරව බුද්ධගයාවේද ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි වූ සාංචි දාගැබ්වල තොරණවල දැක්වෙන අල්ප උන්නත මූර්ති කැටයම් වලින්ද හෙළිවේ.
දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි අමරාවති පුදබිමේ අමරාවති දාගැබට සම්බන්ධ (එම දාගැබේ දැන් ඉතිරි වී තිබෙන්නේ පාදම පමණි) මුල් කාලයේ මූර්ති කැටයම්වලද බුද්ධ ප්‍රතිමා දක්නට නැත. ඉහතින් සඳහන් කළ එම පුරාණ පුදබිම වල, බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා ශ්‍රී මහා බෝධිය, ධර්මචක්‍රය, වජ්‍රාසනය, සිරිපතුල් ත්‍රිරත්නය, ස්තූපය,දැකිය හැකිය.
ඉහත සඳහන් ඡායාරූපය ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි නාගර්ජුන කොණ්ඩ පුදබිමෙහි සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය නිරූපණය කරන්නේ දෙවිවරුන් සතරදෙනෙකු විසින් අල්ලා ගෙන සිටින සාටකයකිනි. ඒ අසල ලුම්බිනියේ සල් උයනේ සල් වෘක්ෂයට අයත් ශාඛාවක් අල්ලාගෙන සිටින මහා මායා දේවියගේ රූපයද නිරූපනය කර ඇත. මෙය ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසට අයත් වේ.

මහාමායා දේවිය දුටු සිහිනය

බුදුපිළිමයේ උපත - 2
එකල දඹදිව හැම පෙදෙසකම අවුරුද්දකට වරක් ඇසළ මස පැවැත්වෙන මහෝත්සවයකි. මහ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් චුතව මහාමායාදේවියගේ කුස පිළිසිඳ ගැනීම මෙසේ සඳහන් වේ.
“බෝසතාණන් වහන්සේ මෙසේ කාලදේශාදි අවශ්‍ය කරුණු පහම සම්පූර්ණව තිබෙනු දැක කල් නොයාදීම මිනිස් ලොවැ උපදිමියි වදාරා දෙව් බඹ පිරිස පිටත් කළ සේක.ඉක්බිති මව් වන මහාමායා ගෝතමීන්ගේ ආයුෂ කාලසීමාව විමසා ඇයට ආයුෂය තව දසමසකුත් සත් දිනක් ඉතිරිවැ තිබියැදී දෙව්ලොවින් චුතවන්නට ඉටා ගත්හ. මෙසේ නියම කරගත් අවස්ථාව පැමිණි සෙමෙහි පිරිවර දෙවියන් කැටුව තුසිතපුර වූ නන්දන වනයට වැඩියහ. එහි පිරිවර දෙවියන් විසින් “නිදුකාණන් වහන්ස! මෙයින් සුගතියට මිනිස්ලොවට වඩින්නැ බුදුවැ ලෝකාර්ථචර්යාවෙහි යෙදෙන්නැයි කියනු ලබන ආශිර්වාදාත්මක පි‍්‍රයවචන කථාව අසන සේක්ම දැන් මෙයින් චුත වෙමියි අධිෂ්ඨාන කළ සේක.

අමරාවතී ස්තූපයේ ඇති කැටයමක් මායාදේවියගේ සිහිනය
ශාක්‍ය මුණීන්ද්‍රාවදානය හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බළංගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ – පි. 10 (2000)
මුල්කාලීන බෞද්ධ කලා කෘතිවල විශේෂයෙන් භාරුත් සාංචි සහ බුද්ධගයා පුදබිම්වල ඇති මූර්ති කැටයම්හි අඩංගු වූයේ බුදුරජාණන් වහන්සේගේ ජීවන චරිතයට අයත්වන සිදුවීම්ය.
“බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් වලින් ආශ්චර්යමත් අවස්ථා ඉතා සැලකිල්ලෙන් තෝරා ගනිමින් කැටයම්වල මූර්තිමත් කර ඇත. පළමු සිදුවීම වශයෙන් මහාමායා දේවිය දුටු සිහිනෙන් දුටු ග්‍රන්ථාගත විස්තරය බෝධිසත්වයන් සුදු ඇතෙකුගේ ස්වරූපයෙන් මව්කුසට පිවිසෙන ආකාරයයි.
උදාහරණයක් වශයෙන් භාරුත්වල ස්ථම්භයක පදක්කම් මුද්‍රාව දැක්විය හැකිය. එහෙත් ඊට පසු කාලයට අයත් අමරාවතියේ කැටයම් තුළ මහාමායා දේවිය දුටු සිහිනය පිළිබඳ සිද්ධිය නිරූපණය කර ඇත්තේ ඇතා නොමැතිව කිසියම් ආකෘතියක අඩු විස්තරාත්මක ආකෘතියකිනි.
(බුදු පිළිමයට පෙර බුදු හාමුදුරුවෝ – මහාචාර්ය අතිපූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමිපාණෝ – පි. 21 (2010)

මායාදේවියගේ සිහිනය -භාරුත් ස්තූප කවාකාර කැටයම
ක්‍රිස්තු පූර්ව පළමුවන ශතවර්ෂයට අයත් භාරුත් ස්තූපයෙහි ස්ථම්භයක කවාකාර එනම් පදක්කමක ආකාර කැටයමක බෝධිසත්වයන් ඇතෙකුගේ ස්වරූපයෙන් මව්කුසට ඇතුළුවන ආකාරය නිරූපණය කරයි. මහාමායා දේවිය දකුණැලයෙන් සැතපී සිටින අතර ප්‍රමාණයෙන් දේවියට වඩා විශාල ඇත් පැටවෙක් ඇයගේ වම් අතට උඩින් පහළට බසින ආකාරයට දැක්වෙන අතර දේවියගේ සයනයට පහළින් කාන්තාවන් දෙදෙනෙක් චාමර සළන ආකාරය පෙන්නුම් කරයි. මෙම කැටයම් සමඟ “භගවාතෝ උඤන්ති. (සංස්කෘත භාෂාවෙන් ගර්භාව+ක්‍රාන්ති) යනුවෙන් බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් කර අත. එමගින් සිහිනය මෙන්ම බෝසතුන්ගේ මව්කුස පිළිසිඳ ගැනීමද හඟවනු ලබයි.(ඉහත සඳහන් ග්‍රන්ථය පි. 29)
මෙම භාරුත් හි අල්ප උන්නත මූර්තිවල විශේෂත්වය වන්නේ එම මූර්ති කැටයමින් ප්‍රකාශ සඳහන් කර තිබීමය. එය සැබැවින්ම මෙකල පවා මෙරට පමණක් නොව කුමන රටක වුවද පුවත්පත් කලාවටද අයත්වන සම්ප්‍රදායක් බඳුය. එනම් පුවත්පතක ඡායාරූපය පළ කරනවිට එයින් ප්‍රකාශිත කරුණ අකුරින් ලිවීමයි. භාරුත් මූර්ති කැටයම් වල බුදුසිරිත පමණක් නොව ජාතක කතාවලද රූප සමඟ ඒ ජාතක කතාවේ නාමය කරනු දක්නට ලැබෙන මෙම සම්ප්‍රදාය භාරුත්පුද බිමේ මෙම මූර්ති කැටයම්වල දක්නට ලැබෙන විශේෂත්වයක් ලෙසින් විද්වත්හු පෙන්වා දෙති.
(භාරත – ලංකා බෞද්ධ උරුමය – සිරිසමන් විජේතුංග පිටු අංක 8 (2006)
මහ බෝසතාණන් වහන්සේ මහාමායා බිසවගේ කුසෙහි පිළිසිඳ ගත් අවස්ථාවේදී ඇය විසින් දකින ලද සිහිනය මෙසේය.
සතරවරම් දෙව්වරුන් පැමිණ මහාමායා බිසව නිදාගෙන සිටි යහන පිටින්ම ඔසවාගෙන පාමුල පර්වතයෙහි හිමාලය කඳු පාමුල තිබු හිරියල් ගල්තලාව මත සල්ගසක් යට .තබා පසෙකට වී සිටියහ. එවිට ඔවුන්ගේ දේවීහු එහි පැමිණ මහාමායා දේවිය අනෝතත්ත විලට කැඳවා ගෙන ගොස් නාවා දිවසළු අන්දවා දිව්‍ය සුවඳ විලවුන් ගල්වා මල්මාලා පළඳවා ළඟම තිබූ පර්වතය අසළ රන් ප්‍ර‍්‍රාසාදයකට ගෙන ගියහ. එහි යහනක් සරසවා මහාමායාදේවිය සැතපුවාය. ඒ අවස්ථාවේදී සුදුඇත් පැටවෙක් දකුණු පැත්තෙන් පැමිණ මහාමායාදේවිය සැතපී සිටි විමානයට ඇතුළු වූයේය. එයින් පසුව ඒ සුදු ඇත් පැටවා මහාමායා දේවිය සැතපී සිටි යහන වටා තුන් වරක් ගමන් කර ඒ සුදු ඇත්පැටවා ඇයගේ දකුණු ඇලයට ළංවිය. ඉන් පසු ඒ ඇත් පැටවා මහාමායා දේවියගේ කුස තුළට පිවිසියාක් මෙන් ඇයට දැනුණි.
(ඉහත සඳහන් ග්‍රන්ථය පිටු අංක 56)
ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසට අයත්වන මෙහි ඇති අමරාවති පුදබිමෙන් හමු වූ මූර්ති කැටයම මගින්ද ප්‍රකාශ කෙරෙන්නේ මහාමායා දේවිය දුටු සිහිනයමය. ගන්ධාරමූර්ති කැටයම් වලද (මෙකල පකිස්තානයට අයත් ) සුදුඇත්පැටවා පැමිණ මහාමායා දේවියට ඉහළින් සිටින ලෙස නිර්මාණය කර ඇත.

අමරාවතී සම්ප්‍රදායට අයත් මූර්ති කැටයම්

බුදුපිළිමයේ උපත - 3
පුරාණ දඹදිව පමණක් නොව මෙකල වුවද, පෙරදිග රටවල තම භාර්යාවට දරුවා ලැබීමට ආසන්න කාලසීමාව වන විට භාර්යාවගේ දෙමාපියන් ජීවත්වන නිවසට යෑම සම්ප්‍රදායයක් ද වූයේය. ඒනිසා ඒ ලබන්නට සිටින දරුවාටත්, ගැබිනි මාතාවටත් නිසි රැකවරණය සැළසීම මූලික පරමාර්ථය වූයේය.
සිදුහත් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගැනීමත් සමඟ ඇය දුටු ඒ සිහිනය ගැන සුද්ධෝදන රජතුමාට පැවසුවාය.

අමරාවතී සම්ප්‍රදායේ මූර්ති කැටයමකි
පසුදින උදෑසනම මහාමායා දේවිය සුද්ධෝදන රජු වෙත ගොස් තමා දුටු ඒ සිහිනය පැවසූ පසුව වේද, වේදාන්ත පිළිබඳව මහා බමුණු පඬිවරුන් සැටක් කැඳවා ආහාර පානාදියෙන් සංග්‍රහ කොට ඉක්බිති බිසව දුටු සිහිනය දන්වා ඒ කුමක් නිසා පෙනුණේ දැයි විචාළේය. ඔව්හු ඒ ගැන සාකච්ඡාකොට කියන්නාහු මහරජාණෙනි! ඔබගේ දේවිය කුස දරුවෙක් පිළිසිඳ ගෙන ඇත. හේ පුතෙකි. හේ සක්විති රජෙක් වන්නා හෝ ලොව්තුරා බුදුවන්නට හැකි මහා පුණ්‍යවන්තයෙකි යි පැවසූහ. මව්කුස පිළිසිඳගත් මහ බෝසතාණෝ සුවයෙන් වැඩුණාහ. මහාමායා දේවී කිසිදු රෝගාදී පීඩාවකින් නොපෙළී කල්යැව්වාය.
පුරාණ දඹදිව පමණක් නොව මෙකල වුවද, පෙරදිග රටවල තම භාර්යාවට දරුවා ලැබීමට ආසන්න කාලසීමාව වන විට භාර්යාවගේ දෙමාපියන් ජීවත්වන නිවසට යෑම සම්ප්‍රදායයක් ද වූයේය. ඒනිසා ඒ ලබන්නට සිටින දරුවාටත්, ගැබිනි මාතාවටත් නිසි රැකවරණය සැළසීම මූලික පරමාර්ථය වූයේය.
මව්කුස පිළිසිඳගත් මහ බෝසතාණෝ ඉතා සුවයෙන් යුතුව වැඩුණාහ. දරු ගැබට දසමස් සපිරෙන්නට ආසන්න වූ කාලය වන විට මහාමායා දේවිය සිය මව්පියන් වෙත යෑමට කැමැති බව සුද්ධෝදන රජතුමාට දන්වා සිටියාය. ඉන්පසුව සුද්ධෝදන රජතුමාගෙන් ලද අවසරය, අනුව රාජ පරිවාර ජනයා සමඟ ගියේ රන් දෝළාවක නැඟී ගෙනය. ඒ සමඟම මහාමායා බිසවගේ නැගනිය වූ ප්‍රජාපති දේවිය ද ගියාය.
“ඉතාමත් කලාත්මක ආකාරයෙන් මෙම කැටයම් ඵලකය කොටස් හතරකට බෙදා ඇති අතර උඩ කොටසේ දකුණු පැත්තේ මහාමායා දේවියගේ සිහිනය දැක්වෙයි. වම් ඇලයෙන් සැතපී සිටින දේවිය තුළින් බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම සංකේතවත් කරන අතර ඉහළින් සතර දිසාවට අධිපති දෙවිවරුන්ගේ නමස්කාරය පෙන්නුම් කරයි. ඇයගේ දකුණු කකුල උඩට මතුවන ලෙස කැටයම් කර ඇති ආකාරය මායා දේවියගේ සිහිනය දැක්වෙන වෙනත් කැටයම්වලට බෙහෙවින් සමාන වෙයි. ඊළඟ කොටසින් රාජ සභාව මූර්තිමත් කරන අතර බ්‍රාහ්මණ පූජකවරයන් සිහිනය තෝරන ආකාරය සියලුදෙනා විතර්ක මුද්‍රාවෙන් පෙන්නුම් කිරීමෙන් සිතාගත හැකිය.
අවසාන කොටසින් පෙන්වන්නේ සිදුහත් කුමරු මව්කුසින් බිහිවූ වගයි. මෙම කැටයමෙහි එම අසිරිමත් අවස්ථාව සංකේතවත් කර ඇත්තේ සල්ගසක් සමීපයේ සිටින දේවියට දකුණු පසින් හැඩට නැමූ වස්ත්‍රයක් දෑතින් ඔසවා සිටින දෙවිවරුන් කීපදෙනෙක් දැක්වීමෙනි.
මෙම සංකේතමය ඉදිරිපත් කිරීම නාගර්ජුන කොණ්ඩ ආදි වෙනත් කැටයම්වල කලාකරුවාද අනුගමනය කර ඇත. (බුදුපිළිමයට පෙර බුදුහාමුදුරුවෝ – මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමි – පි. 33 (2010)
එකම මූර්ති ඵලකයක සිදුවීම් (එකට සම්බන්ධ) මූර්තිමත් කර දැක්වීම පුරාණ භාරතයේ මූර්ති කලාවලින් නිතරම වාගේ ඉදිරිපත් වූ අවස්ථා මෙකල ඉන්දියාවට අයත් මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි භාරුත් මූර්ති කැටයම්වලින්ද හෙළි වී ඇති කරුණකි.
මෙහි සඳහන්වන අවස්ථා හතරක් නිරූපණය කෙරෙන මූර්ති ඵලකය අයත්වන්නේ දක්ෂිණ භාරතයේ ආන්ද්‍රා ප්‍රදේශ්හි පිහිටි ඉතා ප්‍රකට බෞද්ධ සම්ප්‍රදායක් වූ අමරාවතී දාගැබ ආශ්‍රයේ ඉදිකර තිබුණූ මූර්තිවලටය. ඉතා පැරැණිතම අල්ප උන්නත මූර්ති ඵලකයට ද අයත් වන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි භාරුත් මූර්ති කලා සම්ප්‍රදායටය. එහි ද එකම සිද්ධිය ආශි‍්‍රත වූ සිදුවීම් කීපයක් එකම මූර්ති ඵලකයක නිර්මාණය කර ඇති අන්දම අනේපිඬු සිටාණන් විසින් ජේතවනාරාමය පූජා කිරීමේ මූර්ති කැටයමෙන්ද පැහැදිලි වෙයි. එවැනි මූර්ති කැටයම් රැසක් එකම මූර්ති ඵලක රාමුවක වේවා රවුම් මූර්ති ඵලකයන් දැකිය හැකිය.
(භාරත – ලංකා බෞද්ධ උරුමය සිරිසමන් විජේතුංග පි. 11 -2006)

බුදුපිළිමයේ උපත - 4

සිදුහත් කුමරු උපන් ලුම්බිනිය

බුදුරජාණන් වහන්සේ මහාපරිනිබ්බාන සූත්‍රයේදී දේශනා කළ පරිදි බෞද්ධයෙකු විසින් වැඳපුදා ගත යුතු පුදබිම් සතරක් පිළිබඳ සඳහන් වේ. ඒ පුද බිම් සතරනම් සිද්ධාර්ථ කුමාරයා උපත ලද ලුම්බිනි සල් උයන සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව, බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනය වූ ධම්මචක්කපවත්තන සූත්‍රය පස්වග මහණුන් වහන්සේලාට දේශනා කළ ඉසිපතනාරාමයේ සාරානාත් පුදබිම සහ බුද්ධත්වය ලබා වසර 45 ලෝක සත්වයාගේ හිතසුව පිණිස ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ අසූ වියේ දී පිරිනිවන් පෑ කුසිනාරා නුවරය. එදා ජම්බුද්වීපය ලෙසින් මේ පුද බිම් හතරම එකම රටකට අයත් වූව ද මෙකල සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායා දේවි විහාරය පිහිටි පුදබිම නේපාලයට ද අනෙක් පුදබිම් තුනම මෙකල ඉන්දියාවට ද අයත් වේ.

සිදුහත් බෝසත් කුමරාට දෙවියන් නමස්කාර කිරීම සිරිපතුල් දෙක සිදුහත් කුමරු සංකේතවත් කරයි
දඹදිව සිව් මහ පුදබිම් - සිරිසමන් විජේතුංග පි. 10 (2011)
ලුම්බිනි උයන නේපාල දේශයේ බටහිර තෙරායි ප්‍රදේශයේ පිහිටා ඇත. සිදුහත් කුමරු එහි උපත ලැබීමට පෙර කාලයේ සිට ම මෙම ලුම්බිනි උයන කපිලවස්තු සහ දෙව්දහ වාසය කළ ජනතාවගේ විනෝද උයනක් ලෙසින් පැවතුණි. බෞද්ධ සාහිත්‍යයෙහි මෙම ලුම්බිනි වන උයන සඳහන්වන්නේ ‘ප්‍රාදිමෝක්ෂවන’ යන නාමයෙනි. එපමණක් ද නොව සල් ගසින් ද සපිරුණු මේ වන උයන අනේකවිද පුෂ්පයන්ගෙන් වහනය වන සුවඳින් ද මීමැසි සමනළ ආදීන්ගෙන් මෙන්ම කුරුළු කූජනයෙන් ද සමලංකෘත වූ මේ වන උයන දෙව්ලොව ඉන්ද්‍ර දෙවියන්ගේ ‘චිත්‍රලතා’උයන මෙන් යැයි සඳහන් වේ.
(ARCHAEOKOGICAL REMAINS OF KAPILAVASTU, LUMBINI AND DEVDAHA By BABA KRISHNA RIJAL – P 12 (1979) NEPAL
මෙම ලිපි පෙළ මගින් දඹදිව වන්දනාවේ යන සැදැහැවතුන්ට එම පුදබිම්වල ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක තොරතුරු ඉගෙනීමට සැලැස්වීම ද අපගේ එක් මූලික පරමාර්ථයක් වන්නේ ය.
කපිල වස්තු රාජ්‍යයේ කිඹුල්වත්පුර නුවර සිට දෙව්දහ පුරයට යන අතරමඟ ඉතාමත් අලංකාර වූ සල් උයන මහාමායා බිසව දුටුවාය. ඒ ලුම්බිනි සල් උයනය. එහි මදක් නැවතී සිට යාමට අවශ්‍ය බව මහාමායා දේවිය කියා සිටි නිසා ඒ සඳහා ඇයට අවස්ථාව සැලසුණි. මහාමායා දේවිය ඉතා ලස්සන පිපුණු සුවඳ හමන සල්මල්වලින් පිරුණු සල් ගසක් මුලට ගියේ එම සල් ගසේ පිපී තිබුණු සල් මලක් කඩා ගැනීමටය. ඒ සඳහා ඇය ගේ දකුණු අත ඔසවා සල් අත්ත ඇල්ලීමට උත්සාහ කළාය. එහිදීඅවස්ථාවේ දී සිදුහත් කුමරු උපත ලදහ.
ඒ අවස්ථාවේ දී පරිවාර කාන්තාවෝ වට තිර ඇද සැරසූහ. මහා ප්‍රජාපතී දේවිය විසින් සිදුහත් කුමරු අසල ඇති පොකුණෙන් නාවා පිරිසුදු කර අවසන්වීමත් සමගම මහ බෝසතාණන් වහන්සේ සත් පියවරක් ඉදිරියට ගමන් කළහ. ඒ අවස්ථාවේ දී පියුම් සතක් ඒ ඒ පියවර තැබීමට මහ පොළවෙන් මතුවිය. උතුරු දිසාවට ගමන් කරමින් මෙසේ පැවසූහ.
“මම ලොවට අග්‍රවෙමි. ජ්‍යෙෂ්ඨ වෙමි. ශ්‍රේෂ්ඨවෙමි. මේ මාගේ අන්තිම අත්භවයයි. මෙයට පසු මාගේ භවයෙහි උප්පත්තියක් නැත.”

මහාමායා බිසවට සිදුහත් කුමරු උපන්නේ මෙම සල්උයනේ සල් ගසක අත්තක් ඇල්ලීමට උත්සාහ කළ අවස්ථාවේදීය. ඒ සල් ගස මැදිකර ඒ කාලයේදීම දැව වලින් (ලීවලින්) වැටක් සාදා නිමකරන ලද විහාරය “මහාමායාදේවි විහාරයයි”. 2013 වර්ෂයේ දී පුරාවිද්‍යාඥයින් (බ්‍රිතාන්‍යයේ) විසින් පුරාවිද්‍යා කැණීම් සිදු කළේ මෙම ස්ථානයේය. එම බෝසත් උපත ක්‍රිස්තු පූර්ව හයවන සියවසේ දී සිදුවූ බව පුරාවිද්‍යාත්මකවද සනාථ වී ඇත. (සිදුහත් කුමරු උපන් මහාමායා දේවි විහාරය. ලුම්බිනි මහා මායාදේවි විහාරයේ පුරාවිද්‍යා කැණීම් ආශි‍්‍රතව ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක ගවේෂණයකි. සිරිසමන් විජේතුංග පි. 57 – 58 – 2014)
මෙහි පළවන බෝසතාණන් වහන්සේ ලුම්බිනි සල් උයනේ උපත ලබන අවස්ථාව (මෙකල පකිස්ථානයේ) ගන්ධාර කලාවට අයත් මූර්ති කැටයමයකි. සිදුහත් කුමරු මහාමායාදේවියගේ දකුණු ඇලයෙන් බිහිවන අන්දමත් මහාමායා දේවිය සල් අත්ත අල්ලාගෙන සිටින අයුරුත් මෙයින් නිරූපණය වේ. මෙය ගන්ධාර මූර්ති කලාවට අයත් බෝසතාණන් වහන්සේ උපත නිරූපණය කෙරෙන ක්‍රිස්තු වර්ෂ 2 වැනි සියවස අයත්වන මූර්ති කැටයමකි. ගන්ධාර බෞද්ධ කලාව බිහි වූයේ ගන්ධාරයේ නිසා ඊට ගන්ධාර බෞද්ධ කලාව යන නාමය භාවිතා කෙරේ. එකල රජ කළ ඉතා ප්‍රකට රජ වූයේ කණිෂ්ක රජුය. කුශාන රාජ වංශික කණිෂ්ක රාජයුගයේදීම තවත් පුදබිමක එනම් ගංගා, යමුනා ගංගාවන් දෙක හමුවන පුද බිම වූ මථුරා හිද ප්‍රථම වරට බුදුපිළිම නිර්මාණය වූ බව ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා සඳහන් කරයි. (භාරත – ලංකා බෞද්ධ උරුමය - සිරිසමන් විජේතුංග - පි. 32 – 2006)
මෙහි පළවන අනෙක් ඡායාරූපය භාරුත් මූර්ති කැටයම් කලාවට අයත් වූවකි. මෙහි දැක්වෙන බෝසතාණන් වහන්සේගේ උපත සංකේතවත් කර ඇත්තේ සිරිපා දෙකක සටහනකිනි. මෙම මූර්ති කැටයමෙන් ප්‍රකාශ කෙරෙන්නේ දිව්‍ය ලෝකයෙහි දෙවියෙකු විසින් බෝසත් උපත අනෙකුත් දෙවියන්ට දන්වා සිටීම සහ ඒ දෙවිවරුන් තමන්ගේ පී‍්‍රතිය ප්‍රකාශ කිරීමය. ඒ අනුව මහා බ්‍රහ්මයා අනෙකුත් දෙවිවරුන් සමඟ පාද ලාංඡන දෙකකින් සංකේතවත් කරන අලුත උපන් බෝසතාණන් වහන්සේට නමස්කාර කරන ආකාරය වේ. බුදු පිළිම නිර්මාණයට පෙර බුදුරජාණන් වහන්සේ නිරූපණය සඳහා වජ්‍රාසනය (පීඨිකාව) සිරිපතුල් පූජාසනය භාරුත් මූර්ති කලාවෙන් නිරූපණය වන බව ආචාර්ය ආනන්ද කුමාරස්වාමි සඳහන් කරයි. නාගර්ජුන කොණ්ඩ පුදබිමේ මූර්තිවලින් ද සිදුහත් උපත නිරූපණය කර ඇත්තේ සාටකයකිනි.

බුදුපිළිමයේ උපත - 5:

සිදුහත් කුමරු උපන් ලුම්බිනියට වන්දනාවේ ගිය රජු

බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ ප්‍රධාන සිව් වැදෑරුම් (සිදුවීම් හතර) සිදුවීම් සිදුවූයේ දඹදිව හෙවත් පුරාණ
දඹදිවය. ඒපැරැණි දඹදිවට මෙකල ඉන්දියාව පමණක් නොව නේපාලය , පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය ද අයත් වූයේය. මේ නිසා ලුම්බිනිය හෙවත් රුම්මින්දෙයි නමැති පුදබිමට මහ බෝසතාණන් වහන්සේ උපත ලද කාලයේ සිට කිස්තු පුර්ව තුන්වන සියවස වන තුරුම ලක්ෂ කෝටි ගණන් බෞද්ධයින් මෙන්ම වෙනත් සංචාරකයින්ද පැමිණෙන්නට ඇත. එහෙත් එක් සුවිශේෂ වූ පුද්ගලයෙක් කි‍්‍රස්තු පූර්ව 250 දී එම පුදබිමට පැමිණි බව අපි ඉතා හොඳින් දැන සිටින්නෙමු. අපි ඒ බව දැන ගන්නේ ඒ මහා පුරුෂයා විසින් තමාම එම ලුම්බිනි නම් මහ බෝසතාණන්වහන්සේ උපත ලද පුදබිමට පැමිණ ඒ බව එහි ශිලා ස්තම්භයක සටහන් කර ශිලාලේඛනයක් ඒ ස්තම්භයෙහි ලියා තැබූ නිසාය. ඒ ශිලා ලේඛනයෙහි තමා එම පුදබිමට පැමිණි බව පමණක් නොව සාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ එම පුදබිමෙහි (ලුම්බිණි ගාමේ) උපත ලද බව එම ශිලා ලිපියේ ස්ථාන දෙකකම සඳහන් කර ඇත. මේ ලියා තැබූ පුද්ගලයා වෙනත් කිසිවෙකු නොව ජම්බුද්වීපයේ පහළ වූ ශ්‍රේෂ්ට පාලකයෙකු වු අසෝක (ක්‍රි.පූ. 272-232) මහා අධිරාජයාය.
අසෝක අධිරාජයා නොසිටින්නට අද සිද්ධාර්ථ කුමාරයා උපන් පුදබිම පිළිබඳ පැහැදිලි ලෙසින්ම ශිලා ලේඛන සාක්ෂි සහිතවම හඳුනා ගැනීමට නොලැබෙනු ඇත. (භාරත ලංකා බෞද්ධ උරුමය – සිරිසමන් විජේතුංග පිටු 67-68 (2006)
සිදුහත් කුමරු සත්පියුම් මත පියවර තැබීම දැක්වෙන මෙම මූර්ති කැටයම – ගන්ධාර මූර්තියකි
ලුම්බිනි ශිලා ස්තම්භයෙහි බ්‍රාහ්මී අක්ෂරයෙන් ලියා ඇති අසෝක රජුගේ එම ශිලාලේඛනය පේළි පහකින් යුක්තය. එය මෙසේය.
1. දෙවන පියෙන පියදසින ලජින වසනිසිනෙන
2. අතන අගාඩ මහියෙන හිද බුදජාතෙ සාක්‍යමුනිති
3. ශිලා විගඩහිච කල පිතෙ සිලා ථබෙච උසපපිත
4. හිද භගම්ජාතෙති ලුම්බිණි ගාමෙ උබලිකමෙ
5. අට භාගියෙච  (ASDKA –D.R.BHANDARCAR-P.332-University of Calcutta 1925)
මෙහි සිංහල තේරුම මෙසේය. – දෙවනපිය පියදසි (අසෝක රජු) ගේ අභිශේකයෙන් අවුරුදු විස්සක් ගිය කල්හි මෙහි ශාක්‍යමුනි බුදුරජාණන් වහන්සේ උපන්නේ යැයි සලකා තමාම පැමිණ ගෞරව කළේය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙහි උපන්නේ යැයි අදහා ප්‍රකාශයට පත්කොට දැඩි ඇල්මකින් යුක්තව ශිලා ටැඹක්ද පිහිටුවීය. ලුම්බිණි ග්‍රාමය බද්දෙන් නිදහස්කොට අර්ථලාභය ඇති කළේය.
අසෝක ධම්මලිපි (ටැම්ලිපි හා ලෙන් ලිපි ) මහාචාර්ය අබය ආර්යසිංහ – පිටු 58-59 -2000)
බුදුරජාණන් වහන්සේ මෙහි උපන් බව “හිද බුද ජාතෙ සාක්‍යමුණිති” “හිද භගවම් ජාතෙති” යනුවෙන් මේ ශිලා ටැඹෙහි ස්ථාන දෙකකම ලේඛනගත කිරීම ඉතාම වැදගත් කරුණකි. එම ලුම්බිණි පුදබිම හඳුනා ගැනීමට තිබෙන ඉතා ප්‍රබල පුරාවිද්‍යා සාක්ෂිය වන්නේ ද එයමය.

ලුම්බිනියේ පිහිටි මෙම පුද බිමෙහි සැදැහැවත් ඔබට එම ශිලා ටැඹ පමණක් නොව මහාමායා දේවියට බෝසතාණන් වහන්සේ උපත ලද ස්ථානයේ පිහිටි මහාමායාදේවි විහාරයද උපතින් පසු බෝසතාණන් වහන්සේ ස්නානය කළ මහාමායාදේවි පොකුණද එහි දී දැක ගත හැකිය.
අසෝක රජතුමා විසින් සිදු කළ ඒ මහා වන්දනා ගමන ඉතා සැලසුම් සහගතව කරන ලද්දක් බව පුරාවිද්‍යාඥයින් විසින් පහදා දී ඇති කරුණකි. 1933 දී කරන ලද පුරාවිද්‍යා කැණීම් වලදී එම පුදබිමෙහි සිදුහත් කුමාරයා උපත ලද කාලයට වසර 500 පමණ පසුව එහි ඉදි කරන ලද සිදුහත් කුමාර උප්පත්තිය නිරූපණය කෙරෙන මූර්ති කැටයමක්ද එම පුදබිමෙන් හමුවී ඇත.
ෆාහියන් නම් වූ චීන ජාතික භික්ෂූන් වහන්සේ ක්‍රිස්තුවර්ෂ පස්වන සියවසේදී ලුම්බිනි පුදබිමට පැමිණි බව උන්වහන්සේගේ වාර්තාවල සඳහන් වේ. ඉන්පසු ක්‍රිස්තුවර්ෂ හත්වන සියවසේදී තවත් චීන භික්ෂූන් වහන්සේ නමක් වූ හියුංසාං හිමි ද එම පුදබිමට පැමිණි බව වාර්තාවල සඳහන් කර ඇත.

බුදුපිළිමයේ උපත - 6:

ලුම්බිනි පුදූබිම නැවත සොයා ගැනීම

සිදුහත් බෝසූත් කුමරා උපන් මහාමායාදේවී විහාරය සහ ක්‍රිස්තු වර්ෂ 273 සිට 232 තෙක් රජ කළ අසෝක රජූතුමා විසින් පිහිටුවන ලද ශිලාස්තම්භය දුටු බව පුරාණ ජම්බුද්වීපයේ සංචාරය කළ චීන භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු විසින් සිය වාර්තාවල සඳූහන් කර ඇත. ක්‍රිස්තු වර්ෂ පස්වන සියූවූසේදී පැමිණි ෆාහියන් හිමියෝ සහ ක්‍රිස්තු වර්ෂ හත් වෙනි සියූවූසේදි පැමිණි හියුං ෂාං හිමියෝ ඒ දෙදෙනා වෙති. ඊට පසුව ක්‍රිස්තු වර්ෂ 12 හා 13 යන සියූවස් වලදී ටිබෙට් සහ මල්ල රජූවූරුන් ලුම්බිනිය පුදූබිමට වන්දූනාවේ පැමිණි බව අසෝක රජූතුමා විසින් පිහිටුවන ලද ලුම්බිනි ශිලා ස්තම්භූයේම වෙනත් ස්ථානූවල සටූහන් කර ඇත. ඉන්පූසුව සිදුවූ ආක්‍රමණයන් නිසා මෙම පුදූබිම පමූණක් නොව බුද්ධූගයාව, සාරානාත් කුසිනාරා , නාලන්දා සහ වික්‍රමශිලා (ඒ දෙක පුරාණ විශ්වවිද්‍යාල හා ආශි‍්‍රත බෞද්ධ පුදූබිම්ය) ආදිය විනාශයට පත් වූයේය. මින් පසුව ලුම්බිනි පුදූබිම ඇතුළු පුරාණ දඹූදිව පුදූබිම් රැසක්ම මහා වනාන්තරවලින් වැසී ගියේය. (ARCHAEOLOGICAL REMAINS OF KAPILWASTU LUMBINI AND DEVDAHA –B.K.RIJAL –P.14 (1979) දඹූදිව සිව් මහ පුදූබිම් සිරිසූමන් විජේතුංග පි. 20-21 (2011)
නේපාලයේ කත්මන්ඩු අගනගරයේ සිට සැතූපුම් 90 පමණ දුරින් පිහිටි ඉතා සරුසාර වූ භූමි ප්‍රදේශූයක 1895 වර්ෂූයේදී දෙසැම්බර් මස දිනූයූකදී ජර්මන් ජාතික පුරාවිද්‍යාඥයෙකු ඇලොයි ඇන්ටන් පුෂේ (ALOIS ANTON FUHER) ජෙනූරාල් ඔඩ්ගා සම්ෂර් සහ ජේ.බී. රානා යන තිදෙනා ලුම්බිණි නිගලිසාගර්, ගොනිහාවා යන පුදූබිම්වල තිබූ අසෝක ස්තම්භ සොයා ගත්හ.
මේ ගවේෂණ කටූයුතුවලදී රුම්මින්දෙයි (ලුම්බිනි) පුදූබිමෙහි කහ පැහැයෙන් යුක්ත වැලිගූලෙන් නෙළන ලද ඉතා දිග (අඩි 21 පමණ දිග) රවුම් කුලුනක් හමු වූයේය. බිම වැටී තිබුණු එම කුලුන කැඩී බිඳී තිබුණි. මෙම කුලුනේ බ්‍රාහ්මී අක්ෂර (ලංකාවේද පුරාණ ගල් ලෙන්වල ලියා ඇති අක්ෂර – බ්‍රාහ්මී අක්ෂූරයන්ය. එහෙත් ඊට වඩා තරමක් වෙනස් වූ ස්වූරූපයක් මේ ශිලා ලේඛනවල ඇත). ඒ මහා කුලුන පස්වලින් වැසී තිබුණි. ඒ ටැඹෙහි (කුලුනේ) තිබුණු ශිලා ලේඛූනූයෙහි අග කොටස පසින් වටවී තිබුණි. ඒවන විටත් පුරාණ ජම්බුද්වීපයේ අසෝක රජුගේ ශිලාලේඛන සොයා ගෙන තිබුණූ නිසා මෙම බ්‍රාහ්මී අක්ෂරවලින් ලියා තිබුණු ශිලා ලේඛූනය පහූසුවෙන් කියැවීමට හැකි විය. සිදුහත් කුමූරුගේ ජන්මභූමිය කොහේදැයි ඒවන විටත් පුරාවිද්‍යාත්මූකව හඳුනාගෙන තිබුණේ නැත. එවක ඉන්දියානු බ්‍රිතාන්‍ය රජය විසින් 1899 වර්ෂූයේදී බාබු ජී.සී. මුකර්ජි මහතා නේපාලූයට යවන ලද්දේ ලුම්බිනි ටැම්ලිපිය සොයා ගැනීමත් සමූඟය. ඔහු කපිලවස්තු සහ ලුම්බිනි යන පුදූබිම් පිළිබද තවූදුරටත් සොයා බැලීම සිදු කළේය. ඒ ගවේෂණවලදී සිද්ධාර්ථ කුමාරයා උපත ලැබීම පිළිබඳ නිරූපණ කෙරුණ ශිලාමය මූර්ති කැටයමක්ද සොයා ගැනීමට හැකි වූයේය. එය ක්‍රිස්තු වර්ෂ පස්වන සියූවූසට අයත්වූ පුරාණ ඉන්දියානු සංස්කෘතියේ ස්වර්ණමය කාලය වූ ගුප්ත රාජයමයට අයත් වූවකි. මෙය තරූමක් මැකී ඇතත් මහාමායාදේවිය සහ සිදුහත් කුමරු පැහැදිලිව දක්නට ඇත.

(සිදුහත් කුමරු උපන් ලුම්බිනියේ මහාමායාදේවි විහාරය – සිරිසූමන් විජේතුංග පි. 58-60 (2014) )
එක්සත් ජාතින්ගේ අධ්‍යාපනික විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (UNESCO) යුනෙස්කෝ විසින් ලුම්බිනි පුදූබිම 1997 වර්ෂූයේදී ලෝක උරුමූයක්(WORLD HERITAGE)  ලෙසට ප්‍රකාශයට පත්කර ඇත. ලුම්බිනි පුදූබිමෙහි පිහිටි මහාමායාදේවි විහාරය හා දේවිය සහ සිදුහත්කුමරු ස්නානය කරවූ පොකුණ හා අසෝක ස්තම්භය ආදිය ඇතුළත් ප්‍රදේශය 1933 සිට වරින්වර කැණීම් සහ ගවේෂණයන් සිදුකරන ලද බවට වාර්තා වී ඇත. ලුම්බිනියේ මෙම වැඩපිළිවෙළ (ව්‍යාපෘතිය) යටතේ ජපන් ජාතික වාස්තු විද්‍යාඥයා විසින් සකස් කරන ලද ‘නංගේ සැලූසුම ‘ අනුව මෙම ස්තම්භය මුල්කොට ගෙන සාදන ලද හීනූයාන සහ මහායාන ආරාම නිසා ලුම්බිනිය ආලෝකමත් විය. මෙම සැලසුමට ලංකා විහාරයක්ද අයත් වූයේය.
(ඉහත සඳූහන් ග්‍රන්ථය – පි. 13)

ප්‍රථම පුරාවිද්‍යාත්මක කැණීම 1970-71 දී නේපාල රජූයේද අනුග්‍රහයෙන් එහි පුරාවිද්‍යා දෙපාර්තූමේන්තුව මගින් සිදු කරන ලදී. මෙහි මූලික අරමුණ වූයේ ලුම්බිනි යේ අසෝක ස්තම්භයේ බ්‍රාහ්මී අක්ෂූරයෙන් ලියා තිබූ ශිලාලේඛනයේ සඳූහන් වන ‘ලුම්බිනි ග්‍රාමය’ පිළිබඳ සොයා බැලීමය. අසෝක ස්තම්භය පිහිටියේ මහාමායාදේවි විහාරූයට බටහිර පැත්තේය. ඉතා පුරාණ යුගූයට අයත් වූ බුද්ධ කාලූයට (ක්‍රිස්තු පූර්ව 600) අයිති වන භූමියක් බව එයින් හමුවූ පුරාවස්තුවලින් පැහැදිලි විය. එපමණක්ද නොව ක්‍රිස්තු පූර්ව 600 සිට ක්‍රිස්තු වර්ෂ පස්වන සියූවූසට (ගුප්ත රාජ යුගූයට) තෙක් වූ කාල සීමාවට අයත් පුරාවස්තු රැසක්ද එම කැණීම්වලින් සොයා ගැනීමට හැකි විය. ඒ අනුව බුද්ධ කාලූයට අයත් මැටි බඳුන් ද මෙහි තිබී හමු වූයේය.
මෙහිදී විශේෂයෙන් සඳූහන් කළ යුතු කරුණක් ලෙසින් අප රටේ ඵෙතිහාසික වාර්තා ලියා තැබීමේ දී සිය ජීවිත පරූදුවට තබා කටූයුතු කළ මහා විහාරූවාසි (අනුරාධපුර) පූජූනීය භික්ෂූන් වහන්සේ විසින් ඉටු කරන ලද සේවාවය.ඒ නිසා ක්‍රි.ව. 19 වන සියූවස වන විට සමස්ත භාරතයටම අමූතක වී තිබුණු අසෝක රජූතුමා පිළිබද මතකය අපේ වංස කතාවූලට ඇතුළත්කර තැබීමේ මහා පුණ්‍ය කර්මය නිසාම ‘දෙවූනපියදසි’ යනු අසෝක රජූතුමා බව ලොවූටම ප්‍රකාශ කළ හැකි විය. අසෝක රජූතුමා විසින් සිදු කරන ලද ජම්බුද්වීපයේ බුද්ධාගම හා සම්බන්ධ වූ පුදූබිම් හඳුනා ගැනීමට ඉටු කළ මෙහෙය එනම් ඒ ස්ථානූවල ශිලාලේඛන ස්තම්භ පිහිටුවීම නිසා ඒ ගැන විමසා බැලීමද ඉතා වැදූගත් වනු ඇත. (දඹදිව සිව්මහ පුදූබිම් – සිරිසූමන් විජේතුංග පි.09 (2011)